න්‍යෂ්ටික අවියක් සහිත චන්ද්‍රිකාවක් මෙවසර තුළ අභ්‍යවකාශගත කිරීමට රුසියාව සැලසුම් කර ඇති බවට නේටෝ (NATO) සාමාජික රටවල බුද්ධි අංශ නිගමනය කර ඇති බව ජර්මානු මාධ්‍ය උපුටා දක්වමින් රොයිටර් පුවත් සේවය වාර්තා කරයි.
ජර්මනියේ NDR සහ WDR විකාශන ආයතන මෙන්ම ‘සූඩ්ඩොයිචේ සයිතුං’ පුවත්පත නිකුත් කළ ඒකාබද්ධ වාර්තාවකට අනුව, ජර්මානු ෆෙඩරල් බුද්ධි සේවය (BND) ඇතුළු බටහිර බුද්ධි අංශ සහ සන්නද්ධ හමුදා අතර හුවමාරු වූ රහස්‍ය බුද්ධි තොරතුරුවලින් මේ බව තහවුරු වී තිබේ.
‘ස්පුට්නික්-එස්’ යනුවෙන් නම් කර ඇති මෙම ආන්දෝලනාත්මක චන්ද්‍රිකාව මීට වසර කිහිපයකට පෙර එකලස් කර ඇති අතර, එය දැනට මොස්කව් කලාපයේ රහසිගතව ස්ථානගත කර ඇති බව එම බුද්ධි තොරතුරු පෙන්වා දෙයි. කෙසේවෙතත්, මෙම මාධ්‍ය වාර්තා සම්බන්ධයෙන් ජර්මනියේ පිහිටි රුසියානු තානාපති කාර්යාලය, ජර්මානු BND බුද්ධි සේවය හෝ බ්රසල්ස්හි පිහිටි නේටෝ මූලස්ථානය මෙතෙක් නිල වශයෙන් අදහස් දැක්වීමක් සිදුකර නොමැති බව රොයිටර් පුවත් සේවය සඳහන් කරයි.
අභ්‍යවකාශය තුළ න්‍යෂ්ටික පිපිරීමක් සිදුකරමින් සතුරු චන්ද්‍රිකා විනාශ කළ හැකි අවියක් රුසියාව සංවර්ධනය කරමින් සිටින බවට මීට පෙර අමෙරිකානු බලධාරීන් කළ චෝදනා රුසියාව විසින් 2024 වසරේදී තරයේ ප්‍රතික්ෂේප කරනු ලැබීය.
එහෙත්, යුක්රේන හමුදා යුද බිමේදී සන්නිවේදනය සඳහා බහුලව භාවිත කරන ඉලොන් මස්ක්ගේ ‘ස්ටාර්ලින්ක්’ වැනි සමස්ත චන්ද්‍රිකා ජාලයන්ම එකවර අඩපණ කර දැමිය හැකි න්‍යෂ්ටික අභ්‍යවකාශ අවියක් රුසියාව වසර ගණනාවක සිට නිපදවමින් සිටින බවට අමෙරිකානු බුද්ධි අංශ දිගින් දිගටම චෝදනා කරයි.
මේ අතර, රුසියාවේ මෙම ක්‍රියාකලාපය අතිශය භයානක ප්‍රකෝප කිරීමක් බවට ජර්මානු දේශපාලන නායකයින් චෝදනා කරන අතර, අදාළ තත්ත්වය පිළිබඳව නිරන්තර දැඩි සුපරීක්ෂාවෙන් පසුවන බව නේටෝ සංවිධානය ප්‍රකාශ කර තිබේ.
Germany Raises Alarm Over Russia's Plans for Nuclear-Powered Spacecraft
Concerns surrounding Russia's intention to launch a nuclear-powered spacecraft this year have been echoed by NATO intelligence sources, as reported by Reuters, which cites German media outlets.
A joint report from Germany's NDR and WDR broadcasting organizations, along with the 'Süddeutsche Zeitung' newspaper, indicates that insights shared among Western intelligence agencies, including the Bundesnachrichtendienst (BND), have substantiated these claims.
Named 'Sputnik-S', this provocative spacecraft has reportedly been under development for several years, with intelligence indicating that it is currently covertly stationed in the Moscow region. As of now, the Russian embassy in Germany, the BND, and NATO's headquarters in Brussels have not issued official comments regarding these media reports.
U.S. officials previously accused Russia of working on capabilities that could facilitate a nuclear explosion in space to destroy adversarial satellites. However, Russia emphatically rejected these assertions in 2024.
Moreover, American intelligence agencies continue to assert that Russia is developing a nuclear space weapon designed to simultaneously target satellite networks like SpaceX's 'Starlink', widely used by Ukrainian forces for battlefield communications.
In light of these developments, German political leaders have characterized Russia's activities as an alarming escalation, while NATO has confirmed that it is closely monitoring the situation.
*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.
