පෞද්ගලික වෛද්‍ය මධ්‍යස්ථාන, සාත්තු සේවා ආයතන සහ පෞද්ගලික රෝහල් පවත්වාගෙන යාමේදී අත්‍යවශ්‍ය වන හදිසි ජීවිතාරක්ෂක ඖෂධ රැසක දැඩි හිඟයක් මේ වන විට පෞද්ගලික අංශය තුළ නිර්මාණය වී ඇති බවත්, මේ හේතුවෙන් එම මධ්‍යස්ථාන වෙත ප්‍රතිකාර ලබාගැනීමට පැමිණෙන රෝගීන්ගේ ජීවිත දැඩි අවදානමකට ලක්ව ඇති බවත් වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානය පවසයි.
එම සන්ධානයේ සභාපති විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා පෙන්වා දෙන්නේ, පෞද්ගලික ඔසුසල් ජාලය තුළ අඛණ්ඩ ඖෂධ සැපයුමක් පවත්වාගෙන යාමට නොහැකි වීම හේතුවෙන් මෙම තත්ත්වය උද්ගතව ඇති බවයි. මෙරටට ඖෂධ සැපයීම සම්බන්ධයෙන් නිෂ්පාදකයන් සහ සැපයුම්කරුවන් දක්වන උදාසීන ප්‍රතිපත්තිය මෙන්ම, ජාතික ඖෂධ නියාමන අධිකාරිය සැපයුම්කරුවන් හා නිෂ්පාදකයන් නිසි පරිදි ලියාපදිංචි කරමින් අඛණ්ඩ සැපයුමක් තහවුරු කිරීමේ සිය නෛතික වගකීම පැහැර හැරීම ද මීට ප්‍රධාන වශයෙන් බලපා ඇති බව හෙතෙම චෝදනා කරයි.
හදිසි ජීවිතාරක්ෂක ප්‍රතිකාර සඳහා භාවිත කෙරෙන ඇඩ්රිනලින් (IV Adrenaline), ඇට්රොපින් (IV Atropine), පිරිටන් (IV Piriton), ඔන්ඩැන්සෙට්‍රෝන් (IV Ondansetron), මැක්සලෝන් (IV Maxolon), ෆෙනර්ගන් (IV Phenergan) සහ හයිඩ්‍රොකෝටිසෝන් (IV Hydrocortisone) ඇතුළු අතිශය තීරණාත්මක එන්නත් වර්ග රැසක සැපයුම මේ වන විට පෞද්ගලික අංශයේ බිඳවැටී ඇත.
මේ හේතුවෙන් පෞද්ගලික වෛද්‍ය මධ්‍යස්ථානවල අනිවාර්යයෙන්ම තිබිය යුතු හදිසි ජීවිතාරක්ෂක ඖෂධ කට්ටල සම්පූර්ණ කර ගැනීමට නොහැකිව එම ආයතන දැඩි අර්බුදයකට මුහුණ පා සිටී.
පෞද්ගලික වෛද්‍ය මධ්‍යස්ථානයකට පැමිණෙන රෝගියකුට හදිසියේ ඇතිවන දරුණු ආසාත්මිකතාවක් හෝ හෘද අකර්මන්‍යතාවක් වැනි තීරණාත්මක හදිසි අවස්ථාවකදී, එම රෝගියාගේ ජීවිතය බේරා ගැනීමට අවශ්‍ය මූලික ඖෂධ නොමැති වීමෙන් රෝගීන් මරණයට පත්වීමේ බරපතළ අවදානමක් පවතින බවද විශේෂඥ වෛද්‍යවරයා අවධාරණය කරයි.
තවද, නීතිමය වශයෙන් මෙවැනි හදිසි ඖෂධ තොග පවත්වාගෙන නොයන ආයතන ලියාපදිංචි කිරීම හෝ බලපත්‍ර අලුත් කිරීම සෞඛ්‍ය අමාත්‍යාංශය මඟින් සිදු නොකරන බැවින්, ඖෂධ හිඟය හේතුවෙන් පෞද්ගලික වෛද්‍ය සේවා සපයන්නන් ද දැඩි නීතිමය හා පරිපාලනමය ගැටලුවකට මැදිව ඇත.
එබැවින් මෙම ගැටලුව කෙරෙහි සෞඛ්‍ය අමාත්‍යාංශය වහා අවධානය යොමු කර කඩිනම් විසඳුමක් ලබා දිය යුතු බව වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානය වැඩිදුරටත් අවධාරණය කරයි.
Severe Shortage of Life-Saving Medications Hits Private Health Sector in Sri Lanka
Hospitals and healthcare facilities across the private sector in Sri Lanka are grappling with an alarming shortage of essential life-saving medications. This crisis poses a significant threat to patients seeking treatment, as emphasized by the Medical and Civil Rights Doctors' Association. They caution that the lives of individuals coming for medical care are now in jeopardy due to this dire situation.
Dr. Chamath Sanjiva, the president of the association, highlighted that the inability to maintain a continuous supply of medications in private pharmacies has led to the current predicament. He pointed out that the indifference of suppliers and manufacturers towards the medication supply chain, coupled with the National Medicines Regulatory Authority's failure to ensure proper registration of suppliers, has exacerbated the issue.
This shortage includes critical emergency drugs such as IV Adrenaline, IV Atropine, IV Piriton, IV Ondansetron, IV Maxolon, IV Phenergan, and IV Hydrocortisone, all crucial for administering emergency medical treatments. The collapse of supplies in the private sector has left healthcare facilities in a severe predicament, making it impossible to fully equip necessary emergency medication kits.
The association underscores the grave risk to patients’ lives during critical emergencies, such as severe asthma attacks or cardiac arrest, where the absence of vital medications could result in fatalities. The urgency of the situation is made even more severe by the lack of legal provisions for institutions that do not maintain such emergency drug stockpiles, as it hampers their ability to register or renew licenses with the Ministry of Health. This legal and administrative challenge adds another layer of complexity to the already strained private healthcare services.
Given this dire state, the Medical and Civil Rights Doctors' Association calls for immediate attention from the Ministry of Health to address the medication crisis effectively and implement swift solutions.
*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

ඔලුව ඉදිමිච්ච සෞඛ්‍ය ඇමතිට රෝගීන්ගේ ජීවිත නැති වුණාට ගාණක් නැතුව ඇති. ඒක ජෙප්පන්ට ආවේනික පිස්සුවක් බව අතීතයේ දී පෙන්නනලා තියෙනවා.
ReplyDeleteකටින් වැඩ කෝටියයි. ගතින් වැඩ බින්දුවයි! කව්ද ඒ?
ReplyDelete