රටේ උද්ධමනය සියයට 7 සීමාව ඉක්මවා යාම පාලනය කිරීමට අපොහොසත් වීම සහ ආයතනය තුළ අත්තනෝමතික ලෙස වැටුප් වැඩිකර ගැනීම යන කරුණු මුල් කරගනිමින්, ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා සිය ධුරයෙන් වහා ඉල්ලා අස්විය යුතු බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය සුරේන් රාඝවන් මහතා පවසයි.
කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඒ මහතා ප්‍රකාශ කළේ, මහ බැංකුවට ස්වාධීනත්වය ලබාදීම සඳහා නව පනතක් සම්මත කර දුන් නමුත්, එහි නිලධාරීන් එම ස්වාධීනත්වය අවභාවිත කරමින් සියයට 112කින් පමණ වැටුප් වැඩිකර ගැනීමට පමණක් කටයුතු කර ඇති බවයි.
රටේ සාමාන්‍ය ජනතාවගෙන් සියයට 90කට අධික පිරිසක් දැඩි ආර්ථික දුෂ්කරතා හේතුවෙන් එළඹෙන අලුත් අවුරුදු උත්සවය සැමරීමට පවා නොහැකි තත්ත්වයක පසුවන මොහොතක, මහ බැංකු නිලධාරීන් මෙලෙස අධික වරප්‍රසාද සහ වැටුප් ලබාගැනීම කිසිසේත්ම යුක්ති සහගත නොවන බව ඔහු වැඩිදුරටත් අවධාරණය කළේය.
නව මහ බැංකු පනතේ විධිවිධාන ප්‍රකාරව උද්ධමන අනුපාතිකය නියමිත සීමාවන් ඉක්මවා යන අවස්ථාවලදී ඒ පිළිබඳව පාර්ලිමේන්තුව හමුවේ කරුණු පැහැදිලි කිරීමටත්, එය සමනය කිරීම සඳහා ගන්නා ක්‍රියාමාර්ග වාර්තා කිරීමටත් මහ බැංකු අධිපතිවරයා බැඳී සිටින බව මන්ත්‍රීවරයා මෙහිදී පෙන්වා දුන්නේය.
එම වගකීම පැහැර හරිමින් අධිපතිවරයා කටයුතු කරන්නේ නම්, ඔහු ධුරයෙන් ඉවත් විය යුතු බව රාඝවන් මහතා සඳහන් කළේය.
එමෙන්ම රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ සභාපති ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා වෙත ද චෝදනා එල්ල කළ සුරේන් රාඝවන් මහතා, මහ බැංකු නිලධාරීන්ගෙන් සෘජුව ප්‍රශ්න කර රට හමුවේ සත්‍ය හෙළිදරව් කරනවා වෙනුවට ඔහු ද්විත්ව ස්ථාවරයක සිටිමින් කටයුතු කරන බවට චෝදනා කළේය.
Call for Central Bank Governor's Resignation Over Wage Hikes Amid Economic Hardships
In a striking critique of monetary policy in Sri Lanka, former parliamentarian Dr. Suren Raghavan has urged the immediate resignation of Central Bank Governor, Dr. Nandalal Weerasinghe. This demand follows allegations of inadequate control over inflation, which has exceeded the 7% threshold, and the unauthorized increase of salaries within the institution.
Addressing the media in Colombo, Dr. Raghavan emphasized that while a new law granting independence to the Central Bank was passed, the officials have allegedly exploited this autonomy to unjustifiably hike their wages by about 112%. This development comes at a time when over 90% of the populace faces severe economic challenges, rendering them unable to even celebrate the upcoming New Year festival.
He firmly stated that, given the dire circumstances faced by the general public, the actions of the Central Bank officials in awarding themselves substantial raises are completely unjustifiable. Dr. Raghavan pointed out that the new Central Bank Act stipulates that in cases where inflation rates exceed prescribed limits, the governor is obliged to clarify the situation in Parliament and report on corrective measures being taken.
If the governor neglects this responsibility and continues to act irresponsibly, he should indeed resign from his position, Raghavan asserted. Furthermore, he leveled accusations against Dr. Harsha de Silva, Chairman of the Parliamentary Committee on Public Finance, for failing to question the Central Bank officials directly and instead for operating from a dual position without revealing the full truth to the public.
*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

හා හා හරි හරි, පොඩ්ඩක් හිටහන් ලබන සතියෙ අස්වෙන්නම්, කියනකම් හිටියෙ. ගෝඨා ජනාධිපති කරණව නම් අද වුණත් අස් වෙන්නම්. දෙයියම්ප.
ReplyDeleteමහ බැංකුවේ අලුත් පියුන් මහත්තයාටත් මාසයකට ලක්ෂ දෙකහමාරක් ලැබෙනවා. නියෝජ්‍ය අධිපතිලාට ලක්ෂ 20 පනිනවා. උපාධි ගුරුවරයෙක් වෙනවාට වඩා මහ බැංකුවේ පියන් කෙනෙක් වෙන එක හොඳයි. ස්ටාලින් ගොයියා ෆුල් ට්‍රයි එක දානවා ගුරු වැටුපත් මහ බැංකුවේ මට්ටම ට ගන්න. අපිත් ෆුල් සප් එක දෙනවා.
ReplyDeleteමහ බැංකුවේ අලුත් පියුන් මහත්තයාටත් මාසයකට ලක්ෂ දෙකහමාරක් ලැබෙනවා. නියෝජ්‍ය අධිපතිලාට ලක්ෂ 20 පනිනවා. උපාධි ගුරුවරයෙක් වෙනවාට වඩා මහ බැංකුවේ පියන් කෙනෙක් වෙන එක හොඳයි. ස්ටාලින් ගොයියා ෆුල් ට්‍රයි එක දානවා ගුරු වැටුපත් මහ බැංකුවේ මට්ටම ට ගන්න. අපිත් ෆුල් සප් එක දෙනවා.
ReplyDelete