‘දුන් පොරොන්දු ඉටු කරනු.. බඩු මිල අඩු කරනු..’ කියා විරෝධතා...


හැටන් ප්‍රදේශයේ රාජ්‍ය සේවකයින් පිරිසක් ඉහළ ගොස් ඇති ජීවන වියදම අඩු කරන ලෙස රජයට බල කරමින් හැටන් නගරයේ පිහිටි නෝර්වුඩ් ප්‍රාදේශීය ලේකම් කාර්යාල ඉදිරිපිට (23) දින දිවා ආහාර පැයේ නිහඩ විරෝධතාවයක නියැලින.

එම උද්ගෝෂණයට හැටන් අධ්‍යාපන කලාප කාර්යාලයේ සේවකයින් සහ නෝර්වුඩ් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සේවකයින් පිරිසක් එක් වී සිටියහ.

එම උද්ගෝෂණයට එක් වි සිටි පිරිස කියා සිටියේ, ජීවන වියදම ඉහළ යෑම හමුවේ තමන් ලබා ගන්නා වැටුප ප්‍රමානවත් නොවන බවයි.

ඒ අනුව තම වැටුප වැඩි කර දීමට හෝ ජීවන වියදම අඩු කර දීමට රජය කටයුතු කල යුතු බවයි නිහඩ විරෝධතාවයේ නියැලී සිටි පිරිස කියා සිටියේ.

රංජිත් රාජපක්ෂ 





Government Employees in Hettan Protest for Lower Living Costs

A group of government employees in Hettan staged a quiet protest outside the Norwood regional secretariat office on the 23rd, demanding that the government take action to reduce the rising cost of living. This demonstration coincided with the midday meal period, drawing attention to the challenges they face.

Members from both the Hettan education sector office and the Norwood regional secretariat joined forces for the protest. They expressed their concerns over the escalating living expenses, stating that their current salaries were inadequate to meet their basic needs.

The protestors emphasized the urgent need for the government to either increase their wages or take significant steps to lower living costs, outlining the financial strain they are under. Their call for action highlights the growing frustration among workers facing economic hardships.



*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

1 Comments

  1. පුනරුදය විසින් රුදාව හොද කොල තවත් ප්‍රතිඵලයක්

    ReplyDelete
Previous Post Next Post