නකල්ස් සිදුවීමට අදාළ දැරිය සහ බිළිඳියගේ සුබසාධනය සහ අධ්‍යාපන අයිතිය තහවුරු කිරීම උදෙසා කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යාංශය විසින් ක්‍රියාත්මක කරන "අර්ථ" වැඩසටහන යටතේ මාසික ජීවන වියදම් දීමනාවක් ලබාදීමට අමාත්‍යාංශය විසින් කටයුතු සැළසුම් කර ඇත.
එම වයස අවුරුදු 15 දියණිය දැනට අ.පො.ස (සා/පෙළ) විභාගය සඳහා අයදුම් කර ඇති අතර ඒ සඳහා ඇයට සූදානම් වීමට අවශ්‍ය මනෝ සමාජයීය උපදේශන සහය ජාතික ළමා ආරක්ෂක අධිකාරිය හරහා ලබා දීමට කටයුතු කරන ලෙසද කාන්තා සහ ළමා කටයුතු අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ් මහත්මිය විසින් අමාත්‍යාංශය වෙත වැඩිදුරටත් උපදෙස් ලබා දී තිබේ.
ඇගේ අනිවාර්ය අධ්‍යාපන වයස අවසන් වනතුරු හෝ ඇගේ රුචිකත්වය පරිදි උසස් අධ්‍යාපනය හෝ වෘත්තීය අධ්‍යාපනය සඳහා යොමුවන තුරු මෙම දීමනාව ඇයට සැපයෙනු ඇත.
මීට අමතරව කුඩා දියණියගේද පෝෂණ සහ අධ්‍යාපන අවශ්‍යතා සඳහා ඇය වෙනුවෙන්ද අර්ථ දීමනාව සැපයීමට සැළසුම් කර තිබේ.
ආයතනික රැකවරණයේ හෝ ආරක්ෂිත භාරක්කරීත්වයන් යටතට පත්කරන ලඩ ළමුන් සහ වීදි දරුවන් වෙනුවෙන් ක්‍රියාත්මක "අර්ථ" වැඩසටහන 2025 සිට කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යාංශයත්, පරිවාස සහ ළමා රක්ෂක සේවා දෙපාර්තමේන්තුවත් එක්ව ක්‍රියාත්මක කරනු ලබන අතර මසකට ළමුන් 9000 කට ආසන්න පිරිසක් මේ හරහා ප්රතිලාභ ලබති.
2027 වසරේද මෙම වැඩසටහන අඛණ්ඩව ක්‍රියාත්මක කිරීම උදෙසා 2027 අයවැය මගින් රු. මිලියන 750 ක මුදලක් වෙන් කර තිබේ.
Ministry Launches Financial Aid Program for Children in Need
The Ministry of Women's and Children's Affairs is set to roll out a monthly living expenses allowance as part of the "Artha" program, aimed at ensuring the well-being and educational rights of children affected by the Nakals incident. This initiative will support the recovery of a 15-year-old girl and her infant sibling.
The girl, who has applied for the GCE O/L examination, will receive psychosocial counseling support organized through the National Child Protection Authority, as emphasized by Minister Saroja Savithri Polraj. This support is designed to help her prepare adequately for her upcoming exams.
The financial assistance will continue until the girl reaches the age of mandatory education or chooses to pursue higher or vocational education based on her interests.
In addition, the program will also address the nutritional and educational needs of her younger daughter, ensuring both siblings receive the necessary support.
Launched to assist children under institutional care or those from vulnerable backgrounds such as street children, the "Artha" initiative will jointly operate with the Department of Resettlement and Child Protection Services from 2025, with an aim to benefit around 9,000 children monthly.
Furthermore, a budget allocation of 750 million rupees has been earmarked in the 2027 financial plan to ensure the continuity of this vital program through 2027.
*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.
