ගෑස්, ඉන්ධන මිල අඩු කරන්න අපි සමාගම් එක්ක අරගල කරනවා.. වැඩි වුනේ ගිය ආණ්ඩුවල වරදින්..- ඇමති


 පසුගිය රජයන් විසින් විවිධ සමාගම් සමඟ එළැඹ ඇති අහිතකර සහ අවාසිදායක ගිවිසුම් හේතුවෙන් ගෑස් සහ ඉන්ධන මිල ගණන් ඉහළ යාම පාලනය කිරීමට බාධා එල්ල වී ඇති බව නිවාස, ඉදිකිරීම් සහ ජල සම්පාදන අමාත්‍ය සුසිල් රණසිංහ මහතා ප්‍රකාශ කරයි.

මාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් කරමින් අමාත්‍යවරයා පෙන්වා දුන්නේ, බලශක්ති සහ ගෑස් සැපයුම් සමාගම් සමඟ පවත්නා එකී ගිවිසුම් කිසිසේත්ම මහජනතාවට හිතකර නොවන බවයි.

එම ඇතැම් ගිවිසුම්වල පවතින දැඩි කොන්දේසි හේතුවෙන් ඒවා ක්ෂණිකව වෙනස් කිරීමට නොහැකි තත්ත්වයක් උද්ගතව ඇතත්, දීර්ඝකාලීනව මහජනතාවට සහන සැලසෙන අයුරින් එකී ගිවිසුම් සංශෝධනය කර ගැනීම සඳහා රජයක් ලෙස අරගලයක නිරත වන බව ද හෙතෙම අවධාරණය කළේය.

"විවිධ සමාගම් එක්ක ඉන්ධන වෙන්න පුළුවන්, ගෑස් වෙන්න පුළුවන් ඇතිකරගෙන තිබෙන මේ ගිවිසුම් ජනතාවට හිතකර ගිවිසුම් නෙවෙයි. මේවා වෙනස් කරන්න ගියාම සමහර ඒවා වෙනස් කරන්න බැරි තත්ත්වයක් තියෙනවා. නමුත් දීර්ඝකාලීනව මේ ගිවිසුම් වෙනස් කරගැනීම වෙනුවෙන් රජයක් විදියට අපි අරගලයක නිරත වෙනවා," යනුවෙන් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.





Minister Highlights Challenges in Altering Unfavorable Energy Contracts

Minister of Housing, Construction and Water Supply, Susil Premajayantha, has raised concerns about the obstacles faced in regulating fuel and gas prices due to unfavorable agreements established by previous administrations with various companies.

In a candid address to the media, he emphasized that the existing agreements with energy and gas supply companies are not in the best interest of the public. The strict conditions embedded within some of these contracts contribute to a situation where immediate alterations are nearly impossible.

Despite these challenges, Premajayantha assured that the government is committed to initiating a struggle to amend these agreements, aiming for long-term benefits for the citizens. He pointed out, "The agreements we have with various companies regarding fuel and gas are not favorable for the public. While some of these contracts present conditions that make them challenging to alter, we are determined to engage in efforts to modify them for the betterment of the public in the long run."



*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

2 Comments

  1. මුංගෙ කටවල් වලට රෙන්ඩ ඕනේ

    ReplyDelete
  2. මොනවද කියහන්කෝ ඔය දැඩි කොන්දේසි බයිලා කියවන්නැතුව.උබල හරි සුද්දවන්තයෝ වගේ කතා කරන්නෙ ඉන්දියාවත් එක්ක ගහපු ගිවිසුම් රෝල් කරල පුකේ ගහගෙන හංගගෙන ඉන්න ගමන්.

    ReplyDelete
Previous Post Next Post