කොළඹ කොටස් වෙළෙඳපොළේ ගනුදෙනු අද (18) දිනයේ නිමාවට පත්වූයේ ප්රධාන දර්ශක දෙකෙහිම කැපී පෙනෙන පසුබෑමක් සටහන් කරමිනි.
සමස්ත වෙළෙඳපොළ ක්රියාකාරීත්වය පෙන්නුම් කරන සියලු කොටස් මිල දර්ශකය (ASPI) අද දිනය තුළ ඒකක 282.56කින් (1.30%කින්) පහත වැටී ඒකක 21,418.51ක් ලෙස සටහන් විය.
මීට සමගාමීව, වෙළෙඳපොළේ වඩාත් සක්රීය හා ප්රමුඛතම සමාගම් 20 නියෝජනය කරන ‘එස් ඇන්ඩ් පී ශ්රී ලංකා 20’ (S&P SL20) දර්ශකයද ඒකක 77.95කින් (1.26%කින්) පහත වැටී ඒකක 6,106.52ක් දක්වා පහත බසින ලදී.
දිනය අවසානයේ වාර්තා වූ සමස්ත පිරිවැටුම රුපියල් බිලියන 1.90 ඉක්මවා දැක්වුණු අතර, දිනය තුළ ගනුදෙනු 18,504ක් මඟින් හුවමාරු වූ සමස්ත කොටස් ප්රමාණය මිලියන 93.52ක් ඉක්මවා තිබිණි.
Colombo Stock Market Experiences Significant Decline
Today's trading session on the Colombo Stock Exchange closed with notable setbacks across its primary indices, marking a challenging day for investors.
The All Share Price Index (ASPI), which reflects the overall market performance, plunged by 282.56 points, or 1.30%, ending the day at 21,418.51.
Accompanying this downturn, the S&P Sri Lanka 20 Index, representing the 20 most active and notable companies in the market, also fell by 77.95 points, a decline of 1.26%, concluding at 6,106.52.
By the end of trading, the total turnover exceeded Rs. 1.90 billion, with a staggering 18,504 transactions executed, amounting to a volume of over 93.52 million shares traded.
*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.
