ජීවන වියදම අනුව පඩි වැඩිකිරීමක් අපේ ආණ්ඩුව තාම කලේ නෑ.. මේ අයවැයෙන් කෙරිලත් නෑ..- ලාල් කාන්ත


 වත්මන් ඉහළ ජීවන වියදමට ගැළපෙන ආකාරයේ පරිපූර්ණ වැටුප් වැඩිවීමක් වත්මන් රජය මඟින් මෙතෙක් සිදුකර නොමැති බවත්, ඉදිරිපත් කළ නව අයවැය ලේඛනය හරහා ද එය ඉටු නොවූ බවත් කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කරයි.

අයවැය විවාදයට එක්වෙමින් අමාත්‍යවරයා සඳහන් කළේ, ජීවන වියදමට සරිලන සැබෑ වැටුප් වැඩිවීමක් ලබාදීම කෙරෙහි ඉදිරි අයවැයකදී අවධානය යොමුකිරීමට රජයට සිදුවන බවයි.

අයවැය ලේඛනයක් යනු පවතින සියලු ගැටලුවලට එකවර අවසන් විසඳුම් ලබාදෙන මාධ්‍යයක් නොවන බව පෙන්වා දුන් ඒ මහතා, අමාත්‍යාංශ මට්ටමින් සිදුකෙරෙන සාකච්ඡා මෙන්ම ජාතික වැටුප් කොමිෂන් සභාව හරහා ද අයවැයෙන් පරිබාහිරව වැටුප් සහ වෘත්තීය ගැටලුවලට විසඳුම් සෙවීමේ හැකියාව පවතින බව සඳහන් කළේය.

දීර්ඝ කාලයක් වෘත්තීය සමිති ව්‍යාපාරයේ නිරත වූ නායකයෙකු ලෙස තමන්ට ඒ පිළිබඳ මනා අවබෝධයක් ඇති බව සිහිපත් කළ ලාල්කාන්ත මහතා, ඉල්ලීම් මුල් කරගනිමින් සාකච්ඡා කිරීමට මෙන්ම උද්ඝෝෂණ කිරීමටද වෘත්තීය සමිතිවලට පූර්ණ අයිතියක් ඇති බවත්, ඒ පිළිබඳව රජයේ කිසිදු අමනාපයක් නොමැති බවත් පැවසීය. 

රජයක් කොතෙක් දේ ලබාදුන්නද වෘත්තීය සමිති ඉල්ලීම් ඉදිරිපත් කිරීම සාමාන්‍ය තත්ත්වයක් බවත්, රජය මුහුණ දී ඇති සැබෑ ආර්ථික තත්ත්වය පිළිබඳව රාජ්‍ය සේවකයින්ට මනා අවබෝධයක් පවතින බවත් හෙතෙම වැඩිදුරටත් කියා සිටියේය.





Government Acknowledges Need for Comprehensive Salary Increases Amid Rising Living Costs

The current administration has yet to implement a substantial salary increase that aligns with the escalating cost of living, as highlighted by Minister of Agriculture, Animal Resources, Land, and Irrigation, K.D. Lal Kantha, during a session in Parliament. He emphasized that this concern remains unaddressed in the newly presented budget documents.

Engaging in a debate on the budget, the minister pointed out that the government is committed to focusing on providing a genuine salary increment that reflects the current economic challenges in future budget considerations.

Lal Kantha clarified that the budget should not be seen as a monolithic solution to all existing issues. Discussions at the ministry level, as well as initiatives through the National Salaries Commission, could offer avenues for addressing salary and occupational challenges outside of the budgetary framework.

Recalling his extensive experience as a leader in the trade union sector, he noted that trade unions have the full authority to initiate discussions and express demands, reiterating that the government supports these rights without prejudice.

He acknowledged that no matter how much a government provides, it is typical for trade unions to assert their demands. He also remarked that state employees have a clear understanding of the genuine economic circumstances that the government is currently navigating.



*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

Previous Post Next Post