ඉරාන මිසයිල යුරෝපයට ඉලක්ක කරයි..


එක්සත් ජනපදය විසින් ඉරානය ඉලක්ක කරගනිමින් යළිත් කිසියම් හෝ හමුදා ප්‍රහාරයක් එල්ල කිරීමට පියවර ගතහොත්, යුරෝපයේ මෙන්ම ඈත දූපත්වල ස්ථාපිත කර ඇති ඇමෙරිකානු හමුදා කඳවුරු වෙත ද ඍජු ප්‍රතිප්‍රහාර එල්ල කරන බවට ඉරානයේ උත්තරීතර ජාතික ආරක්ෂක කවුන්සිලයේ ලේකම් මොහ්සෙන් රෙසායි අනතුරු ඇඟවීමක් කර ඇති බව බීරූට් නුවර විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ලෙබනනයේ ක්‍රියාත්මක අල්-මයදීන් නාලිකාව සමඟ විශේෂ සාකච්ඡාවකට එක්වෙමින් ඉරාන ආරක්ෂක ප්‍රධානියා අවධාරණය කර ඇත්තේ, ඇමෙරිකානු හමුදාවන්ට කඳවුරු සහ පහසුකම් සපයන රටවල් ඉරානයට එරෙහි ප්‍රහාර සඳහා කිසිසේත්ම සහාය නොදිය යුතු බවයි.

"ඇමෙරිකානුවන් යළිත් වැරැද්දක් කරමින් අපට පහර දුන්නොත්, අපි මැදපෙරදිග ආසන්න කඳවුරුවලට පමණක් පහරදී සීමා වන්නේ නැහැ. යුරෝපයේ පිහිටි ඇමෙරිකානු හමුදා කඳවුරුවලට පවා ප්‍රහාර එල්ල කිරීමට අපි පසුබට වෙන්නේ නැහැ. ඉරානයට පහරදීම සඳහා ඇමෙරිකානු ගුවන් යානා කුමන හෝ කඳවුරකින් ගුවන්ගත වුවහොත්, එම සියලු ස්ථාන අප සලකන්නේ අපට එරෙහි තර්ජනයක් ලෙසයි," යනුවෙන් ඔහු පැවසීය.

ඉරානයේ දිගුදුර බැලස්ටික් මිසයිල ළඟාවිය නොහැකි යැයි බටහිර රටවල් සිතා සිටින ඈත දූපත්වල මූලස්ථාන වෙත ද පහරදීමේ සූදානමක් පවතින බව රෙසායි මෙහිදී අනාවරණය කළේය. පසුගිය යුද ගැටුම්වලදී සිය ප්‍රහාර ඊශ්‍රායලයට සහ කලාපීය ඇමෙරිකානු කඳවුරුවලට පමණක් සීමා කළ ද, භූගෝලීය සීමාවකින් තොරව ඕනෑම ස්ථානයකට පහරදීමට ඉරාන සන්නද්ධ හමුදාවන්ට උපදෙස් ලැබී ඇති බව සඳහන් වේ. ඒ අනුව බ්‍රිතාන්‍යය, ඉතාලිය, ග්‍රීසිය, සයිප්‍රසය, රුමේනියාව, ඇල්බේනියාව යන රටවල පිහිටි ඇමෙරිකානු සහ නේටෝ කඳවුරු මෙන්ම ඉන්දියන් සාගරයේ පිහිටි බ්‍රිතාන්‍ය-ඇමෙරිකානු ඒකාබද්ධ ‘ඩියාගෝ ගාර්සියා’ යුද කඳවුර ද ඉරානයේ නව ඉලක්ක අතර පවතින බව හෙළිව ඇත.

කටාර් රාජ්‍යයේ මැදිහත්වීමෙන් ටෙහෙරානය සහ වොෂින්ටනය අතර රහසිගත සාකච්ඡා පැවැත්වෙන බවටත්, තමන් ඇමෙරිකානු උප ජනාධිපති ජේ.ඩී. වැන්ස් හමුවීමට සැලසුම් කර ඇති බවටත් පළවන වාර්තා "පට්ටපල් බොරු" යැයි පවසමින් මොහ්සෙන් රෙසායි ඒවා තරයේ ප්‍රතික්ෂේප කළේය. ආර්ථික පීඩනය ලිහිල් කර තෙල් මිල පහත දැමීමේ අරමුණින් බටහිර පාර්ශ්ව මෙවැනි අසත්‍ය ප්‍රචාර සිදුකරන බව හෙතෙම කියා සිටියේය.

ලෙබනනය ඇතුළු සියලු පෙරමුණුවල යුද්ධය නැවැත්වීම ඇතුළු කොන්දේසි 07ක් ඉටු වන තුරු හෝමූස් සමුද්‍ර සන්ධිය විවෘත නොකරන බවත්, ඉරානය සතු ඉහළ සාන්ද්‍රණයකින් යුත් පොහොසත් යුරේනියම්වලින් අංශු මාත්‍රයක් හෝ රටින් පිටතට ගෙන යාමට ඉඩ නොදෙන බවත් ඔහු වැඩිදුරටත් පැවසීය. මීට අමතරව, විද්‍යුත් යුද මෙහෙයුම් මඟින් පියාසර කරමින් තිබූ ඇමෙරිකානු ඩ්‍රෝන යානා 07ක් අනතුරකින් තොරව බිමට බෑමටත්, මීටර් 6,000ක් ගැඹුරට යා හැකි ඇමෙරිකානු දියයට යාත්‍රා 02ක් අත්පත් කර ගැනීමටත් ඉරාන හමුදාව සමත් වූ බවට ද ඔහු අනාවරණය කළේය.





Iran Warns of Direct Retaliation Against US Military Bases Amid Rising Tensions

The Iranian government has issued a stern warning regarding potential military actions by the United States. If the US were to conduct any form of military strike targeting Iran, retaliation would be directed not only at US bases in the region but also at those established in Europe and beyond, as disclosed by Mohsen Rezai, the Secretary of Iran's Supreme National Security Council, in an interview with a Lebanese media outlet.

During a special discussion with Al-Mayadeen, Rezai emphasized that nations providing support to American forces would face severe consequences for facilitating attacks against Iran. He cautioned, "If the Americans make another mistake and strike us, our retaliation won't be limited to nearby bases. We won't hesitate to target US military installations located in Europe. Any aircraft deploying from any base to strike Iran will be considered a threat to us."

Rezai further revealed that despite Western nations underestimating Iran's missile capabilities, the country's armed forces are prepared to retaliate against US positions in far-off locations. While Iran's past military responses have primarily been directed at Israel and regional American bases, instructions have been given to strike any target without geographic limitations. This broadens the scope to include American and NATO bases situated in countries like the UK, Italy, Greece, Cyprus, Romania, and Albania, as well as the British-American joint military base "Diego Garcia" located in the Indian Ocean.

Reports have also surfaced indicating ongoing secret discussions between Tehran and Washington, facilitated by the state of Qatar. However, Rezai vehemently dismissed claims that he plans to meet with US Vice President J.D. Vance, labeling such reports as "ridiculous lies." He argued that these false narratives are propagated by Western parties to ease economic pressures and lower oil prices.

Furthermore, Rezai stated that the reopening of the Hormuz Strait will remain conditional upon the fulfillment of seven specific requirements, including an end to the ongoing conflict in Lebanon and the wider region. He stressed that Iran's enriched uranium, which has a high degree of concentration, will not be allowed to leave the country in any form. Additionally, he revealed that Iranian forces successfully conducted operations resulting in American drones being brought down safely while also seizing two US submarines capable of operating at depths of 6,000 meters.



*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

Previous Post Next Post