කරන්න බැරිනම් කාටහරි විකුණලා දාන්න..- ඇමති වසන්ත ලාෆ් ගෑස් සමාගමට කියයි..


 ලාෆ්ස් ගෑස් සමාගමේ සමස්ත මූල්‍ය අලාභයන් සහ ණය පියවීමේ බර අහිංසක පාරිභෝගිකයා මත පැටවීමට රජය කිසිසේත්ම ඉඩ නොතබන බවත්, වෙළෙඳපොළ තුළ කෘත්‍රිම හිඟයක් මවමින් පාරිභෝගික ජනතාව පීඩාවට පත්කිරීමට එරෙහිව දැඩි නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවත් වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා අවධාරණය කළේය.

අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ පසුගිය වසරවල මෙන්ම නොවැම්බර් සහ දෙසැම්බර් මාසවලදී ගෑස් අර්බුදයක් හිතාමතා නිර්මාණය කිරීමට ඇතැම් පාර්ශ්ව උත්සාහ කළද, රජය සතු ලිට්‍රෝ සමාගම ශක්තිමත්ව මෙහෙයවමින් පාරිභෝගිකයා සුරැකීමට අවශ්‍ය සියලු පියවර ගෙන ඇති බවයි. 

ලාෆ්ස් සමාගමේ මිල ගණන් සහ පිරිවැය පිළිබඳ සත්‍ය තොරතුරු හෙළිදරව් කළ අමාත්‍යවරයා මෙසේ පැහැදිලි කළේය.

"ලාෆ්ස් සමාගම මාස දෙකක් තිස්සේ ගෑස් නොගෙන ඉඳලා දැන් එක නැවක් ගෙනල්ලා තියෙනවා. CIF අගය සහ බදු සියල්ල එකතු කළත් ගෑස් කිලෝ එකක් ලංකාවට එන්නේ රුපියල් 407 කට පමණ මුදලකටයි. එහෙම තියෙද්දී ඔවුන් කිලෝග්‍රෑම් 12.5 සිලින්ඩරය රුපියල් 6,700 කට වඩා වැඩි මුදලකට විකුණන්න හදනවා. ඒ කියන්නේ කිලෝ එකකට රුපියල් 600 කට වඩා ගන්නයි හදන්නේ. ඒ මුදලින් ඔවුන්ගේ සමාගමේ තියෙන බිලියන 10-15 ක ණය, පොලී සහ සේවක පඩි නඩි සියල්ල පියවා ගන්නයි හදන්නේ. තමන්ගේ පාඩුව පියවා ගන්න පාරිභෝගිකයා මිරිකන්න හදන මේ ක්‍රමය සම්පූර්ණයෙන්ම වැරදියි. සමාගම සාධාරණ ලාභයක් ලබනවාට අපේ විරෝධයක් නෑ; හැබැයි අයුතු ලාභ ලබන්න දෙන්නේ නෑ.

හම්බන්තොට පිහිටි ලාෆ්ස් ගෑස් පර්යන්තය ආයෝජන මණ්ඩල (BOI) බදු සහන යටතේ ස්ථාපිත කර ඇති බව සිහිපත් කළ අමාත්‍යවරයා, එහි ප්‍රධාන කොන්දේසියක් වූයේ ගෙනෙන ගෑස්වලින් 60%ක් ප්‍රතිඅපනයනය කර 40%ක් පමණක් මෙරට වෙළෙඳපොළට මුදාහැරීම බව පෙන්වා දුන්නේය.

"2019 සිට අද වනතුරුත් ඔවුන් මේ කොන්දේසිය නිසි ලෙස ඉටු කරලා නෑ. හැමදාම කළේ බදු සහනත් අරගෙන ගෑස් සියල්ල දේශීය වෙළෙඳපොළට දාන්න අවසර ඉල්ලපු එකයි. අපි දැන් ප්‍රතිපත්තිමය තීරණයක් අරන් සමාගමට දැනුම් දීලා තියෙනවා, එක්කෝ කොන්දේසි පරිදි 60%ක් විදෙස් රටවලට විකුණලා ඉතිරි 40% දේශීය වෙළෙඳපොළට දාන්න; එහෙම නැත්නම් BOI සහනයෙන් ඉවත්වෙලා බදු ගෙවලා සාමාන්‍ය දේශීය සමාගමක් විදියට ගෑස් විකුණන්න කියලා. මේ තීරණය ගන්න මාස තුනක් කල් දීලා තියෙනවා. ඔවුන්ට මෙය කරගෙන යන්න බැරිනම් හැකියාව තියෙන දේශීය හෝ විදේශීය ආයෝජකයෙකුට සමාගම විකුණා දැමිය යුතුයි.

වෙළෙඳපොළෙන් 80%ක කොටසක් හිමි රජයේ ලිට්‍රෝ සමාගම සතුව සිලින්ඩර මිලියන 5.7ක්ද, 20%ක කොටසක් හිමි ලාෆ්ස් සමාගම සතුව සිලින්ඩර මිලියන 1.5ක්ද පවතින බව සඳහන් කළ අමාත්‍යවරයා, ලාෆ්ස් පාරිභෝගිකයන්ගෙන් 30%කට පමණ (ලක්ෂයකට අධික පිරිසකට) ඇත්තේ එක් කහ සිලින්ඩරයක් පමණක් බැවින් ඔවුන් දැඩි අසීරුතාවකට පත්ව ඇති බව සඳහන් කළේය.

"තැන්පතු අරගෙන සිලින්ඩරය දුන්නා නම්, ඒ පාරිභෝගිකයාට ගෑස් සැපයීම සමාගමේ වගකීමක්. එහෙම නැත්නම් රුපියල් 6,700ට ගෑස් ගන්න බැරි අයට සිලින්ඩරයේ තැන්පතු මුදල ආපසු දිය යුතුයි. පාරිභෝගිකයා ප්‍රාණඇපයට තබාගෙන කටයුතු කිරීමට එරෙහිව අප පාරිභෝගික සේවා අධිකාරිය හරහා දැනටමත් නඩු පවරා තිබෙනවා."

පවතින තත්ත්වය හමුවේ ලිට්‍රෝ සමාගමේ වෙළෙඳපොළ සැපයුම 90% දක්වා ඉහළ දමා ඇති බව පැවසූ අමාත්‍යවරයා, ඔක්තෝබර් මාසයේ මෙට්‍රික් ටොන් 39,000ක් බෙදාහැර නොවැම්බර් මාසය සඳහා මෙට්‍රික් ටොන් 41,000ක් ඇණවුම් කර ඇති බවත්, ලබන මාසයට අවශ්‍ය තවත් ටොන් 40,000ක් සූදානම් කර ඇති බවත් කියා සිටියේය. තවද, ජනවාරි මාසයේ සිට දීර්ඝකාලීන ටෙන්ඩරය යටතේ ඕමානයේ 'OQ' සමාගම සමඟ නව ගිවිසුමකට එළඹ ගෑස් සැපයුම තවදුරටත් සුරක්ෂිත කර ඇති බවද අමාත්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කළේය.





No Consumer Burden in Lafs Gas Company's Financial Struggles, Minister Promises Action

Minister of Trade, Commerce, Food Security and Supply Development, Wasantha Samarasinghe, assured the public that the government will not allow innocent consumers to bear the brunt of the Lafs Gas Company's financial losses or debt repayments. He elaborated on the government's commitment to take strict legal action against any attempts to create artificial shortages in the market, which could lead to public distress.

The minister pointed out that certain parties had previously attempted to engineer a gas crisis, particularly in November and December of the past year. He emphasized that the government has effectively managed Litro Gas, ensuring all necessary measures are in place to protect consumers.

In a detailed explanation regarding the pricing and costs associated with Lafs, the minister revealed that the company has not received gas shipments for two months and had just one delivery recently. He disclosed that even when accounting for the CIF (Cost, Insurance, and Freight) value and taxes, the gas price per kilogram delivered to Sri Lanka amounts to approximately 407 rupees. Despite this, Lafs was attempting to sell the 12.5-kilogram cylinder for over 6,700 rupees, indicating an unjust markup of more than 600 rupees per kilogram. This unfair pricing strategy aims to cover the company's debts, which could amount to 10-15 billion rupees, alongside interest and employee dues. The minister firmly rejected this method of shifting losses onto consumers, stating that while the company is entitled to reasonable profits, excessive profiteering will not be tolerated.

The minister reminded that the Lafs Gas Plant in Hambantota was established under the Board of Investment (BOI) tax concessions, which require that 60% of the gas produced be exported, with only 40% allowed for the local market. He criticized the company for not adhering to these conditions since 2019, continuously seeking to sell all their gas domestically while benefiting from tax incentives.

To address this, the government has issued a policy decision directing Lafs to either comply with the export requirement or forfeit their BOI benefits to sell gas as an ordinary local company. The minister stated that the company has been given a three-month deadline to implement this decision, failing which, the government will consider selling the company to capable local or foreign investors.

Noting that Litro Gas holds an 80% market share with approximately 5.7 million cylinders, while Lafs controls 20% with 1.5 million cylinders, the minister indicated that about 30% of Lafs customers—over 100,000 people—only possess a single yellow cylinder, placing them in a challenging position.

The minister asserted that if the consumers made a deposit for the cylinder, it becomes the company's responsibility to supply the gas. He insisted that those who cannot afford to buy gas at the inflated price of 6,700 rupees should receive their deposit back. Additionally, it was mentioned that legal action has already been initiated through the Consumer Affairs Authority to safeguard consumer rights against any negligence.

The prevailing supply situation is currently addressed by Litro Gas, which has increased its market supply to 90%. In preparation for upcoming months, the minister indicated that Litro has distributed 39,000 metric tons of gas for October and placed an order for 41,000 metric tons for November, with an additional 40,000 metric tons planned for the following month. He further highlighted that a new long-term agreement with Oman’s OQ company will secure continued gas supply starting in January.



*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

Previous Post Next Post