ගෑස් පාරිභෝගිකයන්ට දෙන විසඳුම කුමක්දැයි කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් දර්ශිමා ප්‍රේමරත්න ලාෆ් ගෑස් සමාගමෙන් සහ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියෙන් ප්‍රශ්න කළාය.
පාරිභෝගිකයන් වෙත අඛණ්ඩව ගෑස් සැපයුම ලබානොදීම සම්බන්ධයෙන් ලාෆ් ගෑස් සමාගමට එරෙහිව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් පවරන ලද නඩුව කැඳවූ අවස්ථාවේදී අතිරේක මහෙස්ත්‍රාත්වරිය විවෘත අධිකරණයේ පෙනී සිටි ලාෆ් ගෑස් සමාගමේ සහ පාරිභෝගික අධිකාරියේ නිලධාරීන්ගෙන් එලෙස ප්‍රශ්න කළාය.
පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් නිකුත් කර ඇති අංක 86 දරන විධානය උල්ලංඝනය කරමින් පාරිභෝගිකයන්ට අඛණ්ඩව ගෑස් සැපයුම ලබා නොදීමේ චෝදනාව මත පවරා තිබූ නඩුවට අදාළව අධිකරණය හමුවේ පෙනී සිටි ලාෆ් ගෑස් සමාගමේ නියෝජිතවරයා රුපියල් ලක්ෂ 10ක ශරීර ඇපයක් මත මුදාහරින ලෙස අතිරේක මහෙස්ත්‍රාත්වරිය නියෝග කළාය.
ලාෆ් ගෑස් සමාගමේ නියෝජිත වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අනුජ ප්‍රේමරත්න කරුණු ඉදිරිපත් කරමින් මෙසේ පැවැසීය.
‘‘ස්වාමිනී, ලාෆ් ගෑස් සමාගමට නඩුවක් දාලා කියා පත්තරෙන් තමයි අපි දැන ගත්තේ. අධිකරණය හමුවේ අද අපි පෙනී සිටියට තාම අපිට සිතාසියක්වත් ලැබිලා නැහැ. ලාෆ් සමාගම 1994 වසරේ ඉඳන් ගෑස් ව්‍යාපාර කටයුතු කරනවා. අපිත් කරන්නේ ව්‍යාපාරයක්. ගෑස් තියෙනවා නම් අපි ගෑස් දෙනවා. ගෑස් නැත්නම් මොකද කරන්නේ?
ස්වාමිනී, ගෑස් කියන දෙය පෙට්ටියක දාලා අරගෙන යන්න බැහැ. ගෑස් සැපයුම ලබාදෙන නිසි ක්‍රමවේදයක් තියෙනවා. ඒ අනුව කටයුතු කරමින් තමයි ගෑස් ලබාදිය හැක්කේ. ලංකාවේ කොවිඩ් වසංගතය ඉවර වෙනකොට ගෑස් සිලින්ඩර පුපුරන්න පටන් ගත්තා. ඉන් අනතුරුව ගෑස් සකස් කළ යුතු සංයුතිය වෙනස් කර තිබෙනවා. ලාෆ් සමාගමටත් අවශ්‍ය පාරිභෝගිකයන්ට ගෑස් ලබාදීමටයි.
අතිරේක මහෙස්ත්‍රාත්වරිය,
වෙළෙඳපොළේ ලාෆ් ගෑස් නැහැනේ. දැන් ගෑස් ඇවිල්ලාද?
ජනාධිපති නීතිඥවරයා
තාම නෑ.
පාරිභෝගික අධිකාරියේ නිලධාරීන්
ගෑස් සැපයුම අඛණ්ඩව ලබාදීමට ලාෆ් සමාගම බැඳී සිටිනවා. ඔවුන්ට ගෑස් ලබාදිය නොහැකි නම් එම ගෑස් සිලින්ඩර සඳහා පාරිභෝගිකයන් විසින් තබන ලද තැන්පතු මුදල් නැවත පාරිභෝගිකයන් වෙත ලබාදිය යුතුයි. ගෑස් ලබාදෙන්න බැරිනම් එම තැන්පතු මුදල් ලබාදෙන්න කියලා ලාෆ් ගෑස් සමාගමට දැනුම් දී තිබෙනවා. ගෑස් සැපයුම නිසි පරිදි ලබානොදීම හේතුවෙන් ලාෆ් සමාගමට එරෙහිව නඩුව ගොනු කර තිබෙනවා.
අතිරේක මහෙස්ත්‍රාත්වරිය
නඩුව දිගටම යයි. ගෑස් නැතිවෙයි. එම නිසා මෙම ගැටලුව සාකච්ඡා කර විසඳාගත යුතු දෙයක්.
ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ අතිරේක මහෙස්ත්‍රාත්වරිය අදාළ නඩුව ලබන මස 15 වැනිදා කැඳවන ලෙස නියම කළාය.
ඉෂාර රත්නකාර
Colombo Court Probes Continuous Gas Supply Issues by Laugfs Gas
In a recent court session, Colombo's Additional Magistrate Darshima Premarathna scrutinized Laugfs Gas Company regarding the ongoing challenges related to the supply of gas to consumers. The inquiry stemmed from a lawsuit filed by the Consumer Affairs Authority, which alleges the company is failing to provide an uninterrupted supply of gas.
During the proceedings, officials from both Laugfs Gas and the Consumer Affairs Authority were present to address the court’s concerns. The lawsuit centers on an alleged violation of Regulation No. 86 issued by the Authority, which mandates continuous supply to customers. The court subsequently granted bail to the Laugfs representative, requiring a surety of 10 million rupees.
Appearing on behalf of Laugfs, President's Counsel Anuja Premarathna articulated the company’s position, stating, "We learned about this lawsuit through the newspaper. Up to this point, we have not received any notification from the court. Laugfs has been in the gas business since 1994, and if gas is available, we will supply it. If there’s no gas, what can we do?"
The counsel further explained the complexities of gas delivery, emphasizing that "Gas cannot simply be transported in a box. There are proper procedures to follow for the distribution of gas." He noted that after the COVID-19 pandemic, issues arose with gas cylinders, necessitating a change in the formulation of the gas. "Our priority is to ensure that customers receive the gas they require," he added.
In response to the court's inquiry about the current status of gas supplies, Additional Magistrate Premarathna pressed for clarity. The Laugfs counsel admitted that the supply is still insufficient.
Officials from the Consumer Affairs Authority reaffirmed to the court that Laugfs is obligated to ensure the continuous provision of gas. They also indicated that if the company is unable to supply gas, it must refund any deposits made by customers for gas cylinders. "Should they continue to fail in their duties, a lawsuit has already been initiated against Laugfs for not delivering the gas appropriately," they stated.
Moreover, the magistrate stressed the importance of resolving these supply issues amicably, acknowledging the detrimental impacts of gas shortages on consumers. He scheduled the next hearing for October 15, emphasizing the urgent need for a resolution.
The situation continues to evolve as stakeholders strive for a solution to the gas supply crisis affecting the consumers throughout the country.
*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.
