ක්‍රීඩා අමාත්‍යවරයා විසින් පත් කරන ලද පරිවර්තන කමිටුවක් මඟින් පාලනය වීම හේතුවෙන් ජාත්‍යන්තර ක්‍රිකට් සභාව ශ්‍රී ලංකාවට ලබාදෙන අරමුදල් තාවකාලිකව රඳවා ගැනීමට පියවර ගැනීමත් සමඟ, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය දැඩි මූල්‍ය අර්බුදයකට මුහුණ දී සිටියි
ඒ් අනුව එදිනෙදා මෙහෙයුම් වියදම් පියවා ගැනීම සඳහා ආයතනය සතු වාහන 26ක් විකිණීමට තීරණය කර ඇත.
ක්‍රිකට් ආයතනය මුහුණ දී ඇති මෙම මුදල් හිඟය කළමනාකරණය කරගැනීම සඳහා එක් වාහනයක් රුපියල් ලක්ෂ 200කට අධික වටිනාකමකින් යුත් සුඛෝපභෝගී ජීප් රථ 08ක්, ඩබල් කැබ් රථ 08ක්, ආසන 29 බස් රථ 04ක්, ආසන 16 වෑන් රථ 02ක්, කාර්ය මණ්ඩල කැබ් රථ 02ක් සහ මධ්‍යම ප්‍රමාණයේ ලොරි රථ 02ක් වශයෙන් වාහන 26ක් ටෙන්ඩර් පටිපාටිය යටතේ විකිණීමට පසුගිය සතියේ පුවත්පත් දැන්වීම් පළකර තිබිණි.
මීට අමතරව දැඩි මූල්‍ය පාලන ක්‍රමවේදයක් අනුගමනය කරමින් සේවක අතිකාල දීමනා කපා හැරීමට පියවර ගෙන ඇති අතර, බාහිර පාර්ශ්වයන් සහ සේවා සපයන්නන් වෙත සිදුකළ යුතු ගෙවීම් ද මාස ගණනාවකින් ප්‍රමාද වී ඇත.
ශ්‍රී ලංකා ක්‍රිකට් මුහුණ දී ඇති මෙම මූල්‍ය අවපාතයට පරිපාලන අර්බුදය මෙන්ම ක්‍රීඩක දක්ෂතා පිරිහීම ද ඍජුව බලපා තිබේ. මෙරට ප්‍රධාන පිරිමි සහ කාන්තා ජාතික කණ්ඩායම් දෙකම මේ වන විටත් නිල අනුග්‍රාහකයින්ගෙන් (Sponsors) තොරව පවතින බව හෙළිව ඇත. අතීතයේදී ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම, වයස අවුරුදු 19න් පහළ යොවුන් පිල මෙන්ම කාන්තා කණ්ඩායම් සඳහා පවා වෙනම අනුග්රාහකයන් ආකර්ෂණය කර ගැනීමට හැකි වුව ද, දිගින් දිගටම සිදුවන පරාජයන් සහ පරිපාලන ආරවුල් හේතුවෙන් ව්‍යාපාරික ආයතන ක්‍රිකට් වෙතින් ඈත්වෙමින් සිටියි.
විශේෂයෙන්ම, 2000 වසරෙන් පසු ගෙවුණු වසර 26ක කාලය තුළ අවුරුදු 19න් පහළ ලෝක කුසලාන අවසන් මහා තරගයකට සුදුසුකම් ලබාගැනීමට ශ්‍රී ලංකාව අපොහොසත් වී ඇති අතර, මේ දිනවල එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැත්වෙන යොවුන් ආසියානු කුසලාන තරගාවලියේදී ඇෆ්ගනිස්ථානය සහ බංග්ලාදේශය හමුවේ පරාජය වෙමින් ශ්‍රී ලංකා යොවුන් පිල අවසන් පූර්ව වටයෙන්ම ඉවතට විසිවීම මීට නිදසුනකි.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධානතම ආදායම් මාර්ගය වන්නේ ජාත්‍යන්තර ක්‍රිකට් සභාවෙන් හිමිවන වාර්ෂික ප්රතිපාදනයි. ICC අරමුදල් මෙලෙස අත්හිටුවීම හමුවේ දිවයිනේ ප්‍රධාන දේශීය තරගාවලි, පාසල් ක්‍රිකට්, කාන්තා ක්‍රිකට් සංවර්ධන වැඩසටහන් මෙන්ම ක්‍රීඩාංගණ යටිතල පහසුකම් නඩත්තු කිරීම බරපතළ අභියෝගයකට ලක්වනු ඇත.
ගෝලීය වශයෙන් විස්සයි20 ලීග් තරගාවලි වෙත වෙළෙඳ ප්‍රචාරණ මුදල් ඇදී යන පසුබිමක, 2028 වසර දක්වා දිවෙන ඉදිරි විකාශන අයිතීන් සහ ආදායම් චක්‍රය හමුවේ ශ්‍රී ලංකාව දැඩි මූල්‍ය කඩාවැටීමකට ලක්වීමේ අනතුරක් පවතින බව ද ක්‍රීඩා විචාරකයෝ අනතුරු අඟවති.
Sri Lanka Cricket Faces Severe Financial Crisis Amid Fund Suspension
Sri Lanka Cricket (SLC) is grappling with a significant financial turmoil following a decision by the International Cricket Council (ICC) to temporarily suspend funds due to the oversight of a committee appointed by the Minister of Sports. This suspension has raised concerns about the organization’s operational viability.
In a bid to manage daily operational costs, SLC has made the difficult decision to auction off 26 vehicles from its fleet.
The auction includes eight luxury SUV vehicles valued at over 200,000 rupees each, along with eight double-cab trucks, four 29-seater buses, two 16-seater vans, two staff utility vehicles, and two medium-sized lorries. Notifications regarding the tender process for these vehicles were published in newspapers last week.
In addition to auctioning vehicles, SLC has implemented stringent financial management measures, including cuts to employee overtime allowances. Payments to external parties and service providers have also been delayed for several months, exacerbating the financial strain.
This financial decline is attributed not only to administrative missteps but also to a downturn in player performances. Both the men's and women's national teams are currently without official sponsors, a stark contrast to previous years when even youth teams and women’s squads attracted sponsorships. Ongoing failures and management crises have led businesses to distance themselves from supporting cricket in the country.
Notably, Sri Lanka has failed to qualify for the final of the Under-19 World Cup—a staggering statistic given the 26-year span since 2000. Currently, the Sri Lankan youth team is facing defeats against Afghanistan and Bangladesh in the ongoing Asian Youth Championship being held in the United Arab Emirates, which further underscores the downward trend.
The main income source for Sri Lanka Cricket arises from annual grants from the ICC. With these funds now suspended, major domestic tournaments, school cricket initiatives, women's cricket development programs, and the maintenance of sports facilities are poised to face significant challenges.
As global T20 leagues attract lucrative advertising revenue, analysts warn that Sri Lanka is at risk of severe financial crisis, predicting detrimental impacts on its developmental rights and income cycle as they proceed towards 2028.
*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

වාහන විකිනිල්ලත් ආණ්ඩුව ආපු ගමන් තමන්ගේ හිතවතුන්ට කුණු කොල්ලට වාහන විකුණනවා වගේ තියේවි
ReplyDeleteMahathvaruge kridava podu hinganno athata path kala.
ReplyDeleteRata hinganno athata path kala 68 lakse samaga Api hinga kamu.
Hithala balanna.
Adu kule hinganno upadinne unge pina pavata....
Dan mokada vela thiyenne Hingannoth hithanne raja varam untath nomile labenna...
Ane mata asai hinga kanna......
Shammi Silvala puken hinavenava athi. Born Again kiyapu evunge mahaloku kerilla penavaney.
ReplyDelete