හිටපු මන්ත‍්‍රීලා 55ක් අල්ලස් කොමිසමෙන් ප‍්‍රශ්ණ කරන්න කැදවයි..

දකුණු පළාත් සභාව විසුරුවා හැරීමට ආසන්නව තිබියදී රුපියල් කෝටි එකහමාරක් වටිනා ප්ලාස්ටික් පුටු මිලදී ගැනීම හා බෙදා හැරීම සම්බන්ධයෙන් සිදුවූ බවට කියන අක්‍රමිකතා පිළිබඳව අල්ලස් හෝ දූෂණ කොමිෂන් සභාව  විසින් විමර්ශනයක් ආරම්භ කර ඇත. 

මෙම සිද්ධියට අදාළව දකුණු පළාත් සභාවේ හිටපු මන්ත්‍රීවරුන් 55 දෙනෙකුගෙන්ම ප්‍රකාශ සටහන් කර ගැනීමට නියමිත බව කොමිෂන් සභා ආරංචි මාර්ග සඳහන් කරයි.

පෙරේදා ( 27) දින සිට මෙම ප්‍රකාශ සටහන් කර ගැනීම ආරම්භ කර තිබේ. 

ඒ අනුව, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සම්පත් අතුකෝරාල මහතා, පළාත් විපක්ෂයේ හිටපු ප්‍රධාන සංවිධායක පී. අශෝක ධනවංශ ද සිල්වා මහතා සහ හිටපු දකුණු පළාත් සභා මන්ත්‍රී රන්දිම ගමගේ මහතා ඇතුළු කිහිප දෙනෙකුගෙන් ප්‍රකාශ සටහන් කරගෙන ඇත.

ඊයේ (28) දින, ශ්‍රී ලංකා ජන පෙරමුණේ වත්මන් ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චානක මාදුගොඩ මහතා ඇතුළු තවත් හිටපු මන්ත්‍රීවරුන් පිරිසක් කොමිෂන් සභාව වෙත කැඳවා ප්‍රකාශ සටහන් කර ගැනීමට නියමිතව තිබුණි. 

මෙම විමර්ශනය ඉදිරියට ගෙන යමින්, සිද්ධියට සම්බන්ධ බව කියන දකුණු පළාත් සභාවේ හිටපු මන්ත්‍රීවරුන් 55 දෙනාම කැඳවා සම්පූර්ණ තොරතුරු ලබා ගැනීමට සූදානම් වන බව වාර්තා වේ.

Previous Post Next Post