දසුන් ශාතකට යලිත් ලොකු තැනක්...


ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව විසින් ක්‍රිකට් විස්සයි20 කණ්ඩායමේ නව උප නායකයා ලෙස දසුන් ශානක පත් කිරීමට පියවර ගෙන ඇත. 

මීට පෙර කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කළ ශානක, විස්සයි20 කණ්ඩායමට මෙතෙක් නොතිබූ උප නායක තනතුරට නම් කර තිබීම විශේෂත්වයකි.

චරිත් අසලංකගේ නායකත්වය යටතේ තරග වැදීමට නියමිත මෙම සංචාරය, පාකිස්තානය සමඟ පැවැත්වෙන තරග මාලාවක් ඇතුළත් වේ.

එක්දින තරගාවලිය නොවැම්බර් මස 11 වැනි දින රාවල්පින්ඩි ක්‍රීඩාංගණයේදී ආරම්භ වන අතර, පාකිස්තානය සමඟ තරග තුනක් පැවැත්වීමට නියමිතය.

විස්සයි20 තුන්කොන් තරගාවලිය එක්දින තරගාවලියෙන් අනතුරුව, නොවැම්බර් මස 17 සිට 29 දක්වා කාලය තුළ ශ්‍රී ලංකාව, පාකිස්තානය සහ සිම්බාබ්වේ යන රටවල් අතර රාවල්පින්ඩි සහ ලාහෝර්හිදී පැවැත්වීමට සැලසුම් කර ඇත.

මෙම පාකිස්තාන සංචාරය සඳහා ක්‍රීඩකයන් 16 දෙනකුගෙන් සමන්විත සංචිතයක් දැනටමත් තෝරාගෙන ඇති අතර, එය ක්‍රීඩා අමාත්‍යවරයාගේ අනුමැතිය සඳහා යවා තිබේ.

Previous Post Next Post