රිය අනතුරක්.. ජනප‍්‍රිය ළමා ගායිකාව ඇතුළු එකම පවුලේ සිව්දෙනෙකු රෝහලේ...


 හැටන් නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ සිදුවූ රිය අනතුරකින් සෙනුමි ගිවන්සා නැමති ළමා ගායිකාවක් ඇතුළු එකම පවුලේ සිව්දෙනෙකු තුවාල ලබා දික්ඔය මූලික රෝහලට ඇතුළත් කර ඇති බව දිඹුල පතන පොලිසිය පැවසීය.

මෙම අනතුර සිදු වී ඇත්තේ (16) දින කොටගල කොමර්ෂල් ප්‍රදේශයේදීය.

ගාල්ලේ පැවැති සංගීත ප්‍රසංගයකට සහභාගි වී ආපසු වැලිමඩ දක්වා එම ළමා ගායිකාව සිට මව සහ තවත් එක් අයෙකු සමග ආපසු නිවස කරා ගමන් කරමින් සිටියදී මෝටර් රථය හැටන් කොමර්ෂල් ප්‍රදේශයේදි සංචාරක හෝටලයක තාප්පයක ගැටී මෙම අනතුර සිදු වී ඇත.

අනතුරින් මෝටර් රථයේ ගමන් කළ ළමා ගායිකාව, ඇයගේ මව, රියදුරු සහ තවත් එක් අයෙකු තුවාල ලබා රෝහල්ගත කර ඇත.

අනතුරින් තුවාල ලැබූ සිව් දෙනාගේ තත්වය බරපතල නොවන බවත්, අනතුරින් මෝටර් රථයට දැඩි අලාභහානි සිදුව ඇති බවත්, රියදුරුට නින්දයෑමෙන් මෙම අනතුර සිදු වී ඇති බවයි අනතුර පිලිබද පරික්ෂණ පවත්වන දිඹුල පතන පොලිසිය කියා සිටියේ.

රංජිත් රාජපක්ෂ  





Four Injured in Car Accident Involving Child Singer in Hatton

Four individuals, including rising child singer Senumi Givansa, have sustained injuries in a serious car accident on the main road in Hatton. According to local police from the Dimbula Pathana station, those injured were admitted to the Dikoya Base Hospital for treatment.

The incident occurred on the 16th during the return journey from a music concert held in Galle. Senumi, along with her mother and another companion, was travelling back to their home in Weligama when their vehicle collided with the wall of a tourist hotel in the Kotagala commercial area.

Reports indicate that Senumi, her mother, the driver, and another passenger all suffered injuries in the crash. Fortunately, the condition of the four individuals is not life-threatening, although the car was severely damaged. Initial investigations suggest that the driver fell asleep at the wheel, leading to the accident, police say.

Ranjith Rajapaksha



*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

Previous Post Next Post