තද සිතලේ කදුකරයට මල් තුහිණ වැටේ...

 

මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවල මේ දිනවල අලුයම් කාලයේ පවතින අධික සීතල කාළගුණයත් සමග බගවන්තලාව ප්‍රදේශයට අලුයම මල් තුහිණ පතිත වී තිබුණ අයුරු අප කැමරාවේ සටහන් විය.

බගවන්තලාව ප්‍රදේශයේ තෘණ භූමියක මෙසේ මල් තුහිණ පතිත වී තිබූ අතර, බගවන්තලාව ප්‍රදේශයේ උදෑසන අධික සීතල කාළගුණයක් තිබූ බව එම ප්‍රදේශයේ ප්‍රදේශවාසියෙකු කියා සිටියේය.

- රංජිත් රාජපක්ෂ                

Previous Post Next Post