වතු කම්කරු අයිතින් ඉල්ලා විරෝධතා..



වතුකම්කරුවන්ගේ වැටුප රු.2000 දක්වා ඉහළ නැංවිම සහ වතු කම්කරුවන්ට සිනන්ක්කර ඔප්පුවක් සහිත ඉඩමක් ලබ දෙන ලෙ ඉල්ලමින් ජන අරගල ව්‍යාපාරය සහ සමාජ සාධාරණත්වය උදෙසා වු කදුරට ජනතා ව්‍යාපාරය එක්ව (29) දින නුවරඑලිය නගරසභා පුස්තකාල ශ්‍රවනාගාරයෙදි උද්ගෝෂණයක නිරත විය.

මීලියාබැද්ද නායයෑම සිදු වී (29) දිනට වසර 14ක් සපිරිම නිමිත්තෙන් වතු කම්කරුවන්ගේ අයිතිවාසිකම් ලබා දීම සදහා එම දිනය සිහි කරමින් මෙම උද්ගෝෂනය පැවැත්වීමට තීරණය කල බවයි එම උද්ගෝෂණය පැවැත්වූ ළහිරු වීරසේකර සහ දුම්න්ද නාගමුව යන මහතුන් කියා සිටියේ.

නුවරඑලිය ගාමිණි ජාතික පාසල අසළ සිට සටන්පාඨ රැගෙන පෙලපාලියකින් උද්ගෝෂණය කරමින් නුවරඑලිය පුස්තකාල ශ්‍රවණාගාරය වෙත පැමිණ රැස්වීම පැවැත්වීය.

මෙම උද්ගෝෂණය සහ රැස්වීමට විශාල පිරිසක් සහභාගි වී සිටියහ.

Previous Post Next Post