ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් 2025 -11-15 දින සිට 2026-06-14 දින දක්වා කාලය තුළ ඩීසල් (0.05% M.S.) බැරල් 1,400,000+/-5% (නැව් තොග 05ක්) ප්‍රසම්පාදනය කිරීම සඳහා දිගු කාලීන කොන්ත්‍රාත්තුවක් ප්‍රදානය කිරීම පිණිස එම සංස්ථාවේ ලියාපදිංචි සැපයුම්කරුවන්ගෙන් ලංසු කැඳවා ඇත.
ඒ සඳහා ලංසුකරුවන් 07 දෙනෙකු විසින් ලංසු ඉදිරිපත් කරනු ලැබ තිබේ.
ඉහළ මට්ටමේ ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය මත පදනම්ව එකී ප්‍රසම්පාදනය සිංගප්පූරුවේ M/s. Trafigura Pte. Ltd. වෙත ප්‍රදානය කිරීම පිණිස බලශක්ති අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
