ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ ආසියා සහ පැසිෆික් දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ තෝමස් හෙල්බ්ලින්ග් මහතා විසින් හොංකොංහි පැවති කලාපීය ආර්ථික දැක්ම මාධ්‍ය හමුවේදී ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්න වලට මෙසේ පිළිතුරු දුන්නේය.
මෙම මාධ්‍ය හමුවේදී, ශ්‍රී ලංකාවේ වර්ධන අපේක්ෂාවන්, විදුලි ගාස්තු සහ බදු ප්‍රතිපත්ති මෙන්ම 2028 න් පසු ණය ගෙවීම් පිළිබඳවද ප්‍රශ්න කෙරිණි.
ශ්‍රී ලංකාවේ වර්ධන අපේක්ෂාවන් 2026 වසර සඳහා 3.5% සිට 3.1% දක්වා පහත හෙළා තිබේද යන්න සම්බන්ධයෙන් මාධ්‍යවේදියකු ප්‍රශ්න කළේය.
හෙල්බ්ලින්ග් මහතා මේ බව සනාථ කරමින්, 2022-2023 අර්බුදයෙන් පසු රට ශක්තිමත් ලෙස ප්‍රකෘතිමත් වීමක් අත්විඳි බව පැවසීය.
"අපේ ඇස්තමේන්තුව අනුව ගිය වසරේ වර්ධනය 5% දක්වා ළඟා වුණා. මේ වසරේ මුල් භාගයේදී එය 4.8%ක් වුණා. මෙම ප්‍රකෘතිමත් වීම සාමාන්‍යකරණය වීමක් ලෙසත්, තාවකාලික බලපෑම් මතත් සිදුවූ දෙයක්. ඒ නිසා, දැන් අපේක්ෂා කරන්නේ ආර්ථිකය එහි ප්‍රවණතා වර්ධන වේගය වන 3.1% වෙතට නැවත පැමිණේවි කියායි."
කෙසේ වෙතත්, 2025 වසර සඳහා වූ වර්ධන අපේක්ෂාව 3.1% සිට 4.2% දක්වා ඉහළ නංවා ඇති බවට වෙනත් වාර්තාවල තොරතුරු තිබුණද, 2026 වසරේ වර්ධනය රටේ විභව වර්ධන වේගය වන 3% දක්වා ළඟා වනු ඇතැයි IMF නියෝජ්‍ය අධ්‍යක්ෂවරයා අවධාරණය කළේය.
විදුලි ගාස්තු සමාලෝචනය සම්බන්ධයෙන් බලධාරීන් කටයුතු කළ ආකාරය ගැන IMF සතුටුදැයි නැගූ පැනයට, හෙල්බ්ලින්ග් මහතා කියා සිටියේ, විදුලි මිලකරණය යනු දේශගුණය සහ ජාත්‍යන්තර බලශක්ති මිල වැනි සාධක කිහිපයක් මත රඳා පවතින සහ අඛණ්ඩ වැඩසටහන් සාධකයක් බවයි.
ප්‍රතිපත්තියේ කේන්ද්‍රය වන්නේ රාජ්‍ය ව්‍යවසායන්ගෙන් ඇතිවන මූල්‍ය අවදානම් අඩු කිරීම සඳහා පිරිවැය ප්‍රතිසාධන මූලධර්මය ක්‍රියාත්මක කිරීමයි.
"වැඩසටහන යටතේ විදුලි ගාස්තු යනු තීරණාත්මක මිණුම් සලකුණක් බව අප දන්නවා. මේ වන විට රජය ප්‍රතිසංස්කරණ සඳහා මුළු හදවතින්ම සහයෝගය දක්වා තිබෙනවා."
ණය ප්‍රතිව්‍යුහගත කිරීම අවසන් වෙමින් පවතින විට, 2028 න් පසු ණය ගෙවීම් සම්බන්ධයෙන් අභියෝග මතු විය හැකි බවට විපක්ෂය කරන ප්‍රකාශයන් පිළිබඳව IMF හි මතය විමසන ලදී.
හෙල්බ්ලින්ග් මහතා පැහැදිලි කළේ: "ප්‍රතිසංස්කරණ අඛණ්ඩව ක්‍රියාත්මක වෙමින් පවතින බැවින්, මේ වන විට අපගේ අවධානය යොමුව ඇත්තේ 2025 සහ 2026 වසර සඳහායි."
"ආර්ථිකය මුළුමනින්ම ස්ථාවර කර ගැනීම සඳහා ශ්‍රී ලංකාව තම දේශීය ප්‍රතිසංස්කරණ වැඩසටහන අඛණ්ඩව හා සම්පූර්ණයෙන් අවසන් කිරීම අතිශයින් වැදගත්."
බදු ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් අරමුදල තෘප්තිමත්ද යන්න ගැනත්, එය පුළුල් කළ යුතුද නැතහොත් වර්තමාන/සංශෝධිත අනුපාත යටතේද යන්න ගැනත් නැගූ පැනයට, IMF නිලධාරියා පැවසුවේ,
ණය තිරසාරභාවය යථා තත්ත්වයට පත් කිරීමේ ප්‍රධාන අවශ්‍යතාවක් වන දළ දේශීය නිෂ්පාදිතයෙන් 2.3%ක මූලික ශේෂය පවත්වා ගැනීම සඳහා 2026 අයවැය තුළ ශක්තිමත් ආදායම් පියවර අඩංගු විය යුතුය.
බදු නිදහස් කිරීමේ රාමු ශක්තිමත් කිරීම, බදු අනුකූලතාව ඉහළ නැංවීම, බදු පදනම පුළුල් කිරීම සහ රාජ්‍ය මූල්‍ය කළමනාකරණය ශක්තිමත් කිරීම අත්‍යවශ්‍ය බව හෙල්බ්ලින්ග් මහතා අවධාරණය කළේය.
