අධිවේගී මාර්ගවල ආරක්‍ෂාව ‘රක්නා ලංකා’ සමාගමට..

ශ්‍රී ලංකාවේ අධිවේගී මාර්ග ජාලයේ ආරක්ෂණ මෙහෙයුම් භාරදීම සඳහා, ආරක්ෂක අමාත්‍යාංශය මේ වන විට "රක්නා ආරක්ෂක ලංකා සමාගම" කෙරෙහි විශේෂ අවධානයක් යොමු කර තිබේ.

මෙම කටයුත්ත පැවරීමට ඇති ඉඩකඩ සහ සුදුසුකම් සොයා බැලීම පිණිස, ආරක්ෂක අමාත්‍යාංශයේ ප්‍රධානත්වයෙන් පසුගිය දිනවල විශේෂ සාකච්ඡාවක් පැවැත්විණි. රටේ අධිවේගී මාර්ග පද්ධතියේ සමස්ත ආරක්ෂක තත්ත්වය සහ කාර්යක්ෂමතාව වැඩිදියුණු කිරීමේ අරමුණින්, වත්මන් ආරක්ෂක යාන්ත්‍රණය ඇගයීම මෙන්ම, "රක්නා" සමාගමේ මෙහෙයුම් පිළිබඳ විශේෂඥ දැනුම ඒ සඳහා යොදාගත හැකි ආකාරය තක්සේරු කිරීම එම සාකච්ඡාවේ ප්‍රධාන අරමුණ වී ඇත.

වාර්තා වන ආකාරයට, මෙම සාකච්ඡාව මෙහෙයවා ඇත්තේ ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය විශ්‍රාමික මේජර් ජෙනරාල් අරුණ ජයසේකර මහතා සහ ආරක්ෂක ලේකම් විශ්‍රාමික එයාර් වයිස් මාෂල් සම්පත් තුයියකොන්තා මහතා විසිනි. 

Previous Post Next Post