මහින්ද සමග පින්තූරයට කොට්ටච්චි පොලිසි දුවයි..


හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට කාන්තාවක් ආචාර කරන ආකාරය දැක්වෙන පින්තූරයක් සමාජ ජාල වල තමන් යැයි හඟවෙල ලෙස සංසරණය වන්නේ යයි ජාතික ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රිනී නිලන්ති කොට්ටච්චි මහත්මිය පවසයි.

එම ඡායාරූපය කිසියම් ආකාරයකින් සංස්කරණය ලද්දක් නම්  පිළිබඳව තමන් ඒ නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවත් ඇය කියා සිටී.

තම සමාජ ජාල ගිණුමේ ඒ පිළිබඳව ඇය විසින් තබා ඇති සටහන මෙසේය.

'සමාජ මාධ්‍යයෙහි සංසරණය වන මහින්ද රාජපක්ෂ මහතා සමඟ මා පෙනී සිටින ආකාරයේ දැක්වෙන ඡායාරූපයෙහි සිටින්නේ මා නොවන  බවත්, මහින්ද රාජපක්ෂ මහතාගේ නිල පිටුවෙහි සඳහන් එකී මංගල උත්සවයට මා සහභාගී නොවූ බවත්, එකී මංගල උත්සවයෙහි මා ආරාධිතයෙකු නොවන බවත් පාක්ෂිකයන් වෙනුවෙන් ලියා තබනෙමි.

යම් හෙයකින් මෙය සංස්කරණය  කරන ලද්දක් වේ නම් නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවට ද මෙයින් දන්වා සිටිමි'

3 Comments

  1. වැදලම සමාව ගන්න ඕන හරිනම්. කියපු බලු කතාවලටයි අපහාස වලටයි නඩු දාන්නෙ නැති එකට.

    ReplyDelete
  2. බැරිවෙලාවත් සංස්කරණය කරන ලද්දක් නම්' කියන එකෙන්ම තෙරෙනවා මෝඩ ජෙප්පන්ව දාපු ගොට්ටක් කියල. බැරිවෙලවත් කියන්නේ මෙකිගේ ඩුප්ලිකේට් ඉන්නවද? මේ මගුලට ගිය උන් ඉන්නවා නම් ඵොටෝ දන්න

    ReplyDelete
  3. අපෝ හොටුහච්චී මේ වගේද ....කෑතම කෑතයි .....

    ReplyDelete
Previous Post Next Post