රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් හෙට දිනයේ දීප ව්‍යාප්ත වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් ආරම්භ කිරීමට තීරණය කර තිබේ.
ඒ අත්තනෝමතික ආකාරයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් සිදු කරන වෛද්‍ය මාරු කිරීම් සම්බන්ධයෙන් විරෝධය පල කරමිනි.
අද දිනයේද මෙම ස්ථාන මාරුවීම් ක්‍රමවේදය ක්‍රියාත්මකව කලහොත් තම වෘත්තිය ක්‍රියාමාර්ගය හෙට දිනයේ සිදුකරන බව සංගමයේ ප්‍රධාන ලේකම් ප්‍රභාත් සුගතාස මහතා සඳහන් කළේය.
එවන් තත්ත්වයකදී රට පුරා රෝහල්වල සෞඛ්‍ය සේවා බිඳවැටීමේ වගකීම බලධාරීන් විසින් භාරගත යුතු බවත් හෙතෙම කියා සිටියේය.
