DIG පතිනායක ඉවතට..


 ශ්‍රී ලංකා පොලිසියේ පරිපාලන කටයුතු භාර තනතුරෙන් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායක මහතාව නිල වශයෙන් ඉවත් කිරීමට පොලිස් කොමිසම සිය අනුමැතිය ලබාදී ඇත.

මෙම තීරණය ගෙන ඇත්තේ පොලිස්පතිවරයාගේ ලිඛිත ඉල්ලීමක් සලකා බැලීමෙන් අනතුරුව බව සඳහන් වේ.

ඒ අනුව, ජ්‍යෙ.නි.පො. ලලිත් පතිනායක මහතාගේ රාජකාරි වගකීම මධ්‍යම පළාත භාර කටයුතුවලට පමණක් සීමා වනු ඇත.

මේ හා සමගාමීව, ශ්‍රී ලංකා පොලිසියේ පරිපාලන තනතුර සඳහා පත් කිරීමට නියමිත නිලධාරියා ලෙස ජ්‍යෙ.නි.පො. සංජීව ධර්මරත්න මහතාගේ නම වාර්තා වේ.

එමෙන්ම, ජ්‍යෙ.නි.පො. සංජීව ධර්මරත්න මහතා මෙතෙක් දැරූ බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ධුරය සඳහා, සජීව මැදවත්ත මහතාව පත්කිරීමට නියමිත බවට ද තොරතුරු පළ වේ.

Previous Post Next Post