වතු කම්කරුවන්ගේ වැටුප වැඩි කළ හැක්කේ රුපියල් 150ක් පමණක් බවට ප‍්‍රධාන වතු සමාගම් විසින් රජයට දැනුම් දී ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී පලිනි දිගම්බරම් මහතා සඳහන් කරයි.
රජය සමඟ එම වතු සමාගම් පැවති සාකච්ඡාවලදී මේ බව දැනුම් දී ඇති බවද හෙතෙම කියා සිටියේය.
ඔහු මේ බව කියා සිටියේ හැටන් නගරයේදී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.
වතු කම්කරුවන්ගේ වැටුප රු.1700 දක්වා වැඩි කර දෙන බවට වූ ජනාධිපතිවරයා පොරොන්දුව වූ බවත්, එම වැටුප් වැඩි කිරිම සම්බන්ධයෙන් රජය සහ එම සමාගම් අතර මේ දින වල සාකච්ඡා පවතවන බවත්, එම සාකච්ඡාවේදි වතු සමාගම් රු.150ක් පමණක් වැටුප් වැඩි කිරිමට එකගතවය පල කල බවත්, ඉතිරි මුදල රජයෙන් වතු සමාගම් වලට ලබා දෙන බවට සාකච්ඡා කර ඇති බවට තමන්ට තොරතුරු ලැබී ඇති බවයි පලනි දිගම්බරම් මහතා කියා සිටියේ.
වතු කම්කරුවන්ගේ වැටුප රු.350කින් වැඩි කරන්නේ නම් එය මූලික වැටුපට එක් කර වතු කම්කරුවන්ට ලබා දෙන්නේ නම් තම සංධානයේ පූර්ණ සහයෝගය රජයට ලබා දෙන බවද පලනි දිගම්බරම් මහතා මෙම මධ්‍ය හමුවේදි පැවසීය.
