සජිත් නොතකා දිගම්බරන් නුගේගොඩ රැලියට එයි..

ඒකාබද්ධ විපක්ෂයේ සියලු දෙනා එක් වි මේ මස (21) දින නුගේගොඩදී පැවැත්වීමට නියමිත රැලිය හොද දෙයක් බවත්, එම රැලියට දමිළ ප්‍රගතිශීලි සංවිධානයේ සහයෝගය ලබා දීමට අපේක්ෂ කරන බව එම සංධානයේ නියෝජ්‍ය නායක පා.ම.පලනි දිගම්බරම් මහතා පැවසීය.

වත්මන් දේශපාලන තත්වය පිලිබද (01) දින හැටන් නගරයෙදි මාධ්‍ය හමුවක් පවත්වමින් මන්ත්‍රීවරයා ඒ බව පැවසීය.

මෙහිදි වැඩි දුරටත් අදහස් දැක්වූ පා.ම. පලනි දිගම්බරම් මහතා කියා සිටියේ රජය බලයට පත් වි වසරක කාලයක් ගතවන තෙක් ඒ දෙස විපරමෙන් බලා සිටි බවත්, ඉදිරියෙදි රජයට විරුද්ධව කටයුතු කිරිමට විපක්ෂය සැළසුම් කරමින් සිටින බවයි පලනි දිගම්බරම් මහතා කියා සිටියේ.

- රංජිත් රාජපක්ෂ                


Previous Post Next Post