මත්ද‍්‍ර්‍ය ජාවාරමට එරෙහි ජනාධිපතිලා ඝාතනය කරනවා.. ඒත් අපි ජාතිය බේරගන්නවා..- ජනපති


විෂ මද්‍රව්‍ය වලින් රටේ සමාජය මුදා ගැනීම අරමුණු කරගත් ‘රටම එකට’ ජාතික මෙහෙයුම අද (20) ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් තංගල්ල මහජන ක්‍රීඩාංගණයේදී පැවැත් වුණා.

‘රටම එකට’ ජාතික මෙහෙයුම මුළු දිවයිනම ආවරණය වන පරිදි පළාත් නවය තුළම ක්‍රියාත්මක කෙරෙන වැඩසටහනක් වන අතර, අද දකුණු පළාත කේන්ද්‍ර කරගනිමින් පැවැත්වූයේ එහි දෙවැනි අදියරයි.

මෙම මෙහෙයුම පිළිබඳව අදහස් දැක්වූ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවධාරණය කළේ, තමන් සෑම විටම මානසිකව කඩා වැටුණු මිනිසුන් වෙනුවෙන් පෙනී සිටි බවත්, මත්ද්‍රව්‍ය ව්‍යසනයේ ගොදුරක් බවට පත්වන දරුවන් අවසානයේ කුලියට මිනී මරන්නට පටන් ගන්නා බවත් ය. අත්අඩංගුවට ගත් පුද්ගලයන්ගෙන් සියයට හැටකට වඩා වැඩි ප්‍රමාණයක් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන් බව ද හෙතෙම පෙන්වා දුන්නේය.

මත්ද්‍රව්‍ය ජාලය හරහා විශාල මුදල් කන්දරාවක් සැරිසරණ බවත්, එය රටේ කිසිදු ව්‍යාපාරයකින් වසර සිය ගණනකින් උපයාගත නොහැකි ධනයක් බවත් ජනාධිපතිවරයා සඳහන් කළේය. එම ධනයට රාජ්‍ය යාන්ත්‍රණයේ දුර්වල පිරිස් මිලදී ගැනීමට හැකි බවට ද ඔහු අනතුරු ඇඟවීය.

මෙහිදී, නීතිය ක්‍රියාත්මක කරන නිලධාරීන්ට එල්ල වන තර්ජන පිළිබඳව ද ජනාධිපතිවරයා විසින් කරුණු පැහැදිලි කරන ලදී. බන්ධනාගාර නිලධාරීන්ට සහ ඔවුන්ගේ පවුල් වෙත තර්ජනය කර ඇත්තේ, සිරගතව සිටින අපරාධකරුවන්ට ඔවුන්ගේ ගෙදර ජීවිතයටත් වඩා වැඩි පහසුකම් සැපයීමට බලපෑම් කිරීම හේතුවෙනි. පොලිස් නිලධාරීන්ට සහ ඔවුන්ගේ පවුල්වලට ද තර්ජන එල්ල වෙමින් තිබේ.

ඇතැම් දුරකථන ඇමතුම් සම්බන්ධයෙන් අදහස් දක්වමින් ජනාධිපතිවරයා පැවසුවේ, "පාතාල නායකයා තමයි පොලිසිය කියලා තර්ජනය කරන්නේ". එහිදී පොලිස් නිලධාරියා ආයාචනාත්මකව බැගෑපත්ව උත්තර දෙන තත්ත්වයක් පවතින බව ද ඔහු ප්‍රකාශ කළේය.

මෙම මෙහෙයුමට එරෙහිව විවිධ ක්‍රියාකාරකම් සිදුවන බව ජනාධිපතිවරයා සඳහන් කළේය. දූෂිත මත්ද්‍රව්‍යවලට අලෙවි වූ සහ බෙදුණු අපරාධ ජාලයට එරෙහිව ගමේ ජනතාව නැගිටින්න ඕනා බව ඔහු ඉල්ලා සිටියේය.

ලෝකයේ සිදුවීම් උදාහරණයට ගනිමින් ඔහු පැවසුවේ, මෙම ධනය භාවිත කරමින් විවිධාකාරයේ මහජන උද්ඝෝෂණ පෙළපාලි මුදලට ඇති කර හා ආණ්ඩු විරෝධී ක්‍රියා මාර්ගයන් උත්සන්න කිරීමට උත්සාහයන් දරන බවයි. ඇතැම් අය වෙනත් ප්‍රශ්න ඇති කරමින් සමාජයේ ඇස් වෙන දිශාවකට යොමු කිරීමට උත්සාහ කරන බව ද ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

ජනාධිපතිවරයා අවසානයේ දැඩි ලෙස අවධාරණය කර සිටියේ, "විවිධාකාරයේ දේශපාලන පෙළගැස්සීම මේ වසනය ආරක්ෂකයන් බවට පත්වීමටත් නම් අපි දේශපාලනයට දෙන්නේ නැහැ". මෙම විනාශකාරී දේශපාලන පෙරමුණු දේශපාලනයෙන් පරාද කරන බවට ඔහු සහතික විය. එම කාර්යය සඳහා නිලධාරීන් මැදිහත් විය යුතු නැති බවත්, එය තමන් පක්ෂ නායකයෙක් ලෙස භාර ගන්නා බවත් ඔහු කියා සිටියේය.

ඔහු වැඩිදුරටත් කියා සිටියේ, මෙම ජාතික මෙහෙයුම ඉතාමත් අධිෂ්ඨානයෙන් යුතුව දියත් කරන බවත්, ජාතිය ගලවා ගන්නා බවත්ය. ඕනෑම අපහසු අවස්ථාවකදී නිලධාරීන් ආරක්ෂා කරන බවට ජනාධිපතිවරයා ප්‍රතිඥා දුන්නේය.

Previous Post Next Post