රුපියල් මිලියන 21කට අධික කුෂ් මත්ද්‍රව්‍ය සමඟ ශ්‍රී ලාංකික ජාතිකයෙකු අද(03) කටුනායක ගුවන්තොටුපොළේදී අත්අඩංගුවට ගෙන ඇති බව ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
තායිලන්තයේ බැංකොක් සිට ඉන්දියාවේ චෙන්නායි හරහා පැමිණි 28 හැවිරිදි ශ්‍රී ලාංකිකයෙකු මෙම මත්ද්‍රව්‍ය නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන ඒමට උත්සාහ කළ අවස්ථාවේදී ශ්‍රී ලංකා රේගු මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් විසින් මෙලෙස අත්අඩංගුවට ගෙන තිබේ.
සැකකරු Indigo Airlines 6E1171 දරණ ගුවන් යානයෙන් මෙරටට පැමිණි තිබේ.
සැකකරුගේ පරීක්ෂා කළ ගමන් මලු තුළ මෙම මත්ද්‍රව්‍ය සඟවා තිබී ඇත.
අත්අඩංගුවට ගත් තොගයේ වටිනාකම රුපියල් කෝටියකට අධිකය.
මත්ද්‍රව්‍ය පාලන ඒකකයෙහි නිලධාරීන් (NCU) මේ සම්බන්ධයෙන් මූලික පරීක්ෂණ පැවැත්වූ අතර, පසුව සැකකරු සහ සොයා ගත් මත්ද්‍රව්‍ය වැඩිදුර විමර්ශන සහ නීතිමය කටයුතු සඳහා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය (PNB) වෙත භාර දී තිබේ.
ශ්‍රී ලංකාවේ ප්‍රධාන ජාත්‍යන්තර ගුවන් තොටුපළ හරහා භයානක මත්ද්‍රව්‍ය රට තුළට ගෙන ඒම වැළැක්වීම සඳහා ශ්‍රී ලංකා රේගුවේ මත්ද්‍රව්‍ය පාලන ඒකකයේ අඛණ්ඩ සෝදිකිරිම් සිදු කරනු ලබන බව එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරයි.
