කොළඹ කොටස් වෙළෙඳපොළ අද (03) දින සියලු කොටස් මිල දර්ශකය සහ S&P SL20 දර්ශකය යන ප්‍රධාන දර්ශක දෙකම වාර්තාගත ඉහළ අගයන් සටහන් වාර්තා කළේය.
වෙළෙඳපොළ වසා දමන විට, සියලු කොටස් මිල දර්ශකය (ASPI) ඒකක 22,928.31ක් ලෙසින් වාර්තා වූ අතර, එය පෙර දිනට වඩා ඒකක 123.47ක වර්ධනයකි. මෙය ප්‍රතිශතයක් ලෙස 0.54%ක ඉහළ යාමකි.
වඩාත් ද්‍රවශීලී සමාගම් විස්ස නියෝජනය කරන S&P SL20 දර්ශකය ද ඒකක 6,252.40ක් දක්වා ඉහළ ගියේය. S&P SL20 දර්ශකය ඒකක 38.49කින්, එනම් 0.62%කින් වර්ධනය වීම කැපී පෙනේ.
අද දිනයේදී වෙළෙඳපොළේ සම්පූර්ණ පිරිවැටුම රුපියල් බිලියන 5.7 ඉක්මවා යමින්, 5,732,200,673.15ක් ලෙසින් සටහන් විය.
එමෙන්ම, අද දිනය තුළ කොටස් 158,115,382ක් හුවමාරු වී තිබේ.
