ඇමරිකානු ඩොලරය හමුවේ ශ්‍රී ලංකා රුපියල අද දිනයේ සැලකිය යුතු ලෙස අවප‍්‍රමාණය වී තිබේ.
ඇමරිකානු ඩොලරයක ගැනුම් මිල රුපියල් තුන්සිය හතයි හත ඉක්මවද්දි විකුණු මිල රුපියල් 311 ඉක්මවා අද පෙරවරුවේ දැක්වින.
රුපියල අවසන් වරට මෙම අනුපාතයන්ට ගණුදෙනු වූයේ 2024 වසරේ මාර්තු මාසයේය.
2025 වසරේ මේ දක්වා ශ්‍රී ලංකා රුපියල ඩොලරය හමුවේ සියයට හතර ඉක්මවූ ප්‍රමාණයකින් අවප්‍රමාණය වී ඇත.

ඉදිරියෙදි තවදුරටත් රුපියල අවප්‍රමාණ වීම වැලැක්වීම අපහසුය
ReplyDelete