කන්ටේනර් 323 නිදහස් කිරීම සම්බන්ධයෙන් එල්ල වන චෝදනා පදනම් විරහිත බවත්, එම ක්‍රියාවලිය සිදුවූයේ කොළඹ නගරයේ තදබදය ලිහිල් කිරීමේ සත්භාවයෙන් බවත් ජාතික ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී උපුල් අබේවික්‍රම මහතා දෙරණ වාදපිටිය වැඩසටහනේදී අවධාරණය කළේය.
ජනාධිපතිවරයා බලයට පත් වූයේ සැප්තැම්බර් 21 වනදා බවත්, ආණ්ඩුව පිහිටුවනු ලැබුවේ නොවැම්බර් 21 වනදා බවත් පෙන්වා දුන් මන්ත්‍රීවරයා, මෙම කාලය ඇතුළත කන්ටේනර් ගෙන්වීම හෝ ආනායනය කිරීම සිදු කළේ වත්මන් ආණ්ඩුව විසින් නොවන බවත්, LC විවෘත කිරීම් ඇතුළු කටයුතු කර තිබුණේ පෙර පාලන සමයේ බවත් පැහැදිලි කළේය.
කන්ටේනර් නිදහස් කිරීම සම්බන්ධයෙන් නියෝගයක් දීමට වරාය භාර ඇමතිවරයකුට බලයක් නැති බවත්, එය රේගුව භාර ජනාධිපතිවරයාට/මුදල් අමාත්‍යවරයාට අයත් විෂයයක් බවත් හෙතෙම සඳහන් කළේය.
කොළඹ නගරයේ වරායෙන් එළියට බහින බහලුම් හිරවී, පාරවල් තදබද වී, මිනිසුන් සති ගණන් පාරවල් වල රැඳී සිටීම හේතුවෙන්, තදබදය අඩු කිරීමට රේගුවේ ප්‍රැක්ටිස් එකක් හැටියට කන්ටේනර් නිදහස් කිරීම මෙයට පෙර 13 වන වතාවටත් සිද්ධ වී ඇති බව උපුල් අබේවික්‍රම මහතා ප්‍රකාශ කළේය. එය සත්භාවයෙන් කරපු ක්‍රියාවක් ලෙස තමන් විශ්වාස කළ බව ද ඔහු වැඩිදුරටත් කියා සිටියේය.
අතීතයේදී මුළු රාජ්‍ය යන්ත්‍රයම, සියලු ආයතන, "බූවල්ලු වගේ" ගිලගෙන සිටියේ පෙර පාලනයේ අය බවත්, අදටත් ඔවුන්ගේ ගෝලයෝ තැන්වල ඉඳගෙන මේවා කරනවා විය හැකි බවත් මන්ත්‍රීවරයා පැවසීය. මහා බැංකු කොල්ලය එළිදරව් වූයේ ද රනිල් වික්‍රමසිංහ සහ මෛත්‍රීපාල සිරිසේන මහත්වරුන් අතර තිබූ කුලල් කා ගැනීමක් නිසා බවත්, එසේ නොවන්නට එයද බැඳුම්කර වංචාව වැනි ඉතිහාසයකට එක්වන බවත් ඔහු කියා සිටියේය.
ජනාධිපතිවරයා මෙම කන්ටේනර් පිළිබඳව කමිෂන් කමිටුවක් පත් කර වාර්තාව CID වෙත භාර දී ඇති අතර, වැරදිකරුවන් සිටී නම් සොයා බලා නීතිය ක්‍රියාත්මක කිරීමට නියෝග දී ඇති බව ඔහු සඳහන් කළේය. වත්මන් පාලනය තක්කඩිකමක් කරන දේශපාලන ව්‍යාපාරයක් නොවන බවට උපුල් අබේවික්‍රම මහතා සහතික විය.
