කතා කළ සැනින් බියට පත්වන මාතෘකාවක්
වුවත් පරමාණු ශක්තිය පාරිසරික, සෞඛ්‍ය හා කෘෂිකර්මාන්ත ආදී බොහෝ ක්ෂේත්‍රවලට හිතකර
ලෙස යොදා ගැනීමට හැකියාව තිබෙන බවත්, අභිනවයෙන් අමාත්‍යාංශයට අනුබද්ධ කළ ශ්‍රී
ලංකා පරමාණුක බලශක්ති මණ්ඩලය සමග එක්ව රටට සහ ජනතාවට හිතකර ප්‍රතිලාභ ලැබෙන ලෙස
පරමාණු ශක්තිය යොදා ගැනීමට කටයුතු කරන බවත් අමාත්‍යවරයා අවධාරණය කළේය.
ප්ලාස්ටික් තාක්ෂණය
හේතුවෙන්
සිදුවන පරිසර දුෂණය වර්තමානයේ ගෝලීය
අර්බුදයක් බවට පත්ව ඇත. ඊට පිලියමක් ලෙස ප්‍රයෝජනවත්ව න්‍යශ්ටික තාක්ෂණය යොදා ගැනිමේ
අරමුණින් එක්සත් ජාතීන්ගේ සංවිධානයට අනුබද්ධ අන්තර්ජාතික පරමාණුක බලශක්ති එජන්සිය
විසින් NUTEC Plastic වැඩසටහන හදුන්වා දි තිබේ.
විකිරණ තාක්ෂණය මගින් බහු අවයවික
රසායනික වෙනස්කම් කිරීමේ හැකියාව පවතී. ඒ හරහා ප්ලාස්ටික් අපද්‍රව්‍යවල ගුණාංග
වැඩි දියුණු කර ප්‍රයෝජනවත් කාර්මික යෙදවුම් නිෂ්පාදනය කිරීම සිදුවේ. ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වන NUTEC Plastic වැඩසටහනේ ශාන්තිකර කලාපීය ව්‍යාපෘතියේ අවසාන සම්බන්ධීකරණ
රැස්වීමට, කලාපීය රටවල් 10ක නියෝජිතයන් සහභාගි වන අතර එය නොවැම්බර්
මස 03 සිට 07 දක්වා පැවැත්වේ. මීට සමගාමීව සන්නිවේදන උපාය
මාර්ග හා තාක්ෂණ ප්‍රවර්ධන පිළිබඳව වැඩමුළුවක්ද පැවැත්වෙන අතර, අන්තර්ජාතික මාධ්‍ය විශේෂඥ
ඇලෙක්සැන්ඩර් නිට්ගේ මහතා විසින් එහි සම්පත් දායකත්වය දරණු ලබයි.
මෙම
අවස්ථාවට පරමාණු බලශක්ති මණ්ඩලයේ සභාපති ආචාර්ය තුෂාරා රත්නායක මහත්මිය ඇතුළු දෙස් විදෙස් නියෝජිතයන්
පිරිසක් සහභාගී වුහ.
