මේ වසරේ රු. බිලියන 619ක් සහ ලබන වසරේ රු. බිලියන 300ක් අධ්‍යාපනය සඳහා වෙන් වුව ද අධ්‍යාපනය සඳහා විශාල බරක් තැබිය යුතුය යන සටනේ තමන් සිටින බව සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිඳුම සුනිල් සෙනෙවි පවසයි.
ප්‍රතිපාදන අඩු වීම අධ්‍යානයට 6%ක් වෙන්කිරීමේ ගමනට බාධාවක් නොවන බව ද එම වැඩපිළිවෙළ මෙම ඉලක්කමෙන් මැනිය නොහැකි බවත් ඇමතිවරයා පෙන්වා දෙයි.
අධ්‍යාපන අමාත්‍යංශය යටතේ පමණක් නොව තවත් අමාත්‍යංශ ගණනාවක් යටතේ අධ්‍යාපනය නංවාලීම සඳහා මුදල් වෙන් වන බව ද ඔහු සඳහන් කරයි.
අධ්‍යාපනය හුදු අධ්‍යාපන අමාත්‍යංශය යටතේ පමණක් ඇති දෙයක් ලෙස භාරගත යුතු නැති බව ද ඇමති හිනිඳුම සුනිල් සෙනෙවි අවධාරණය කරයි.
පසුගියදා සියත රූපවාහිනියේ වැඩසටහනකට එකතු වෙමින් ඇමතිවරයා මේ බව කීය.

මොනවාද සර් කිතුල් ගහේ තිබුණේ
ReplyDeleteතණකොළ තිබුනේ නෑ නේද
අනේ මම නං නෙවේ බජට් එක හැදුවෙ