අධ්‍යාපනයට මුදල් 50%කින් කැපුවත් 6% සටන අතහරින්නේ නෑ..- ඇමති සෙනෙවි

 


මේ වසරේ රු. බිලියන 619ක් සහ ලබන වසරේ රු. බිලියන 300ක් අධ්‍යාපනය සඳහා වෙන් වුව ද අධ්‍යාපනය සඳහා විශාල බරක් තැබිය යුතුය යන සටනේ තමන් සිටින බව සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිඳුම සුනිල් සෙනෙවි පවසයි.

ප්‍රතිපාදන අඩු වීම අධ්‍යානයට 6%ක් වෙන්කිරීමේ ගමනට බාධාවක් නොවන බව ද එම වැඩපිළිවෙළ මෙම ඉලක්කමෙන් මැනිය නොහැකි බවත් ඇමතිවරයා පෙන්වා දෙයි.

අධ්‍යාපන අමාත්‍යංශය යටතේ පමණක් නොව තවත් අමාත්‍යංශ ගණනාවක් යටතේ අධ්‍යාපනය නංවාලීම සඳහා මුදල් වෙන් වන බව ද ඔහු සඳහන් කරයි.

අධ්‍යාපනය හුදු අධ්‍යාපන අමාත්‍යංශය  යටතේ පමණක් ඇති දෙයක් ලෙස භාරගත යුතු නැති බව ද ඇමති හිනිඳුම සුනිල් සෙනෙවි අවධාරණය කරයි.

පසුගියදා සියත රූපවාහිනියේ වැඩසටහනකට එකතු වෙමින් ඇමතිවරයා මේ බව කීය.

5 Comments

  1. මොනවාද සර් කිතුල් ගහේ තිබුණේ
    තණකොළ තිබුනේ නෑ නේද

    අනේ මම නං නෙවේ බජට් එක හැදුවෙ

    ReplyDelete
  2. අමු කැවිලද නැත්නම් අමතකද ආණ්ඩුව කාගෙද කියල.

    ReplyDelete
  3. බෞද්දයොන්ව සහ මේ රටේ සින්හල බෞද්ද සන්නාමය නෑතිකරන්න ඩොලර් ඩිනාර් ජෙප්පොන්ගේ පෑලවත්ත ගිනුමට එනකොට ....සහ අන්තවාදී කොතෝලික ක්‍රියාකාරිකයෙකු වන බුද්ද සාසන ඈමති මේවා කරනකොට නිශ්ශබ්දව ඉන්න සින්හල බෞද්ද උන්ට කවදද ඈස් ඈරෙන්නේ .

    ReplyDelete
  4. නාමල් නීතිඥයෙකු ලෙස ශ්‍රී ලංකා ශ්‍රේෂ්ඨාධිකරණය විසින් පිළිගෙන ඇත. දැන් ඒ සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම අධිකරණයට අපහාස කිරීමක් නොවේද?

    ReplyDelete
Previous Post Next Post