‘රටම එකට’ මත් මඩිද්දී ගංජා වවන්න සමාගම් හයකට අක්කර 66ක්...


රජය විසින් මත්ද‍්‍රව්‍ය උවදුර මැඩ පැවැත්වීම සඳහා දීප ව්‍යාප්ත වැඩපිළිවෙලක් ආරම්භ කර තිබිදී සමාගම් හයකට ගංජා වගා කිරීම සඳහා අක්කර 66ක් ලබා දී ඇති බවට පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමියෝ කියා සිටී.

මත්ද්‍රව්‍ය ව්‍යාප්තිය මැඩලීම අතිශයින්ම වැදගත් බවත් එය රටේ අනාගතයට දියුණුවට ඵලදායී ලෙස බලපානු ඇති බවත් උන්වහන්සේ පැවසූහ. 

එසේ පැවතියදී අපනයනය සඳහා යැයි කියමින් ගංජා වගා කිරීමට සමාගම් හයකට ඉඩම් ලබාදී දී ඇති බවත් ඒ හරහා මෙම නව වැඩපිළිවෙල හෝද හෝදා මඩේ දැමීමක් වන බවද හිමියන් කියා සිටියහ.

ගංජා වැවීමට අවසර දීම මුළුමනින්ම ව්‍යවස්ථා විරෝධී ක්‍රියා බවක් බවත් පැවසූ උන්වහන්සේ  මෙම ව්‍යාපෘති වහාම නවත්වන ලෙස රජයට දැනුම් රජයෙන් ඉල්ලා සිටින බවද පැවසූහ.

"ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙතෙක් රට කළ කිසිදු නායකයකු නොගත් පියවරක් මත්ද්‍රවය උවදුර විනාශ කිරීමට ගන්නා බව එදා සුගතදාස ක්‍රීඩාංගණයේ දී සපථ කළා.

ඇත්ත වශයෙන් ම ඒ තීරණය අතිශයින් ම වැදගත්. රටේ දියුණුව , අනාගත පරපුරේ යහ පැවැත්ම, දියුණුව සහ සංසංවර්ධනය බලාපොරොත්තු වෙන හැමෝම එය අගයකළ යුතුයි.

අපි අගය කරනවා. එය එසේ තිබියදී අපනයනය සදහා යැයි කියමින් සමාගම් හයකට ගංජා වවන්න අක්කර 66ක් දීලා. හෝද හෝදා මඩේදාන වැඩක් මේක.

ගංජා වැවීමට අවසරදීම මුලුමනින්ම රාජ්‍ය ව්‍යවස්ථාව පටහැනි ක්‍රියාවක් . 1929 අංක 17 දරණ විෂ අභිං පනත තවමත් ක්‍රියාත්මක යි. ඒ අනුව ගංජා වැවීම , ළග තබාගැනීම , අපනයනය, ආනයනය ,විකිණීම සපුරා තහනම් . ඊට අමතරව රේගු , ආයුර්වේද ,ආහාර වැනි අණ පනත් වලිනුත් ගංජා ප්‍රවර්ධනය කරන්න බැහැ. පහුගිය ආණ්ඩුවට ගෙදර යන්න වුනෙත් ඩයනාගේ ගංජා ප්‍රවර්ධන ක්‍රියාවන් නිසයි. නිදා සිටින විපක්ෂය අවදි කරන යෝජනාව ක් මේක. අපි මහා සංඝරත්නය, සිවිල් සංවිධාන , පුරවැසියන් විදියට රජයට කියනවා වහාම මේ අපනයනය සදහා ගංජා වගාකිරීමට ඉඩදීමේ ව්‍යාපෘතිය නවත්වන්න කියලා.

පාතාලය, කුඩු මර්දනයට ගත්ත ක්‍රියාමාර්ග ඉදිරියට ගෙනියන්න. හොරකමට, වංචාවට , දූෂණයට එරෙහිව මිනිස්සු පාරට බැහැලා ඒවාට අනුබල දුන් පාලකයෝ ගෙදර යවපු ජනතාවක් ඉන්න රටක්. රටට නොගැලපෙන තීරණ ගැනීම රජයේ පැවත්මටත් බධා වෙන්න පුලුවන්. අපනයනය සදහා ගංජා වවන්න අවසර දුන්නා නම් ඒ තීරණය ගත්ත සක්‍යතා අධ්‍යයන වාර්තාව කෝ. අපනයනය කරන්නේ මොන රටවල් වලට ද? ඒ සදහා අත්සන කළ ගිවිසුම මොකක්ද? යම් විදියකින් ඒ රටවල් ගංජා මිලදී ගැනීම ප්‍රතික්ෂේප කළොත්, ඒවා රටතුලට නේද නැවත එන්නෙ. එහෙම් නොඑන්න තියන වැඩ පිළිවෙළක් තියෙනවා ද? මේවා ගැන රටම බලා ඉන්නවා . ඒ නිසා ගංජා වැවීමට අවසර දීමේ ක්‍රියාව වහාම නවත්වන්න කියලා ජනාධිපතිතුමගෙන් සහ රජයෙන් අපි ඉල්ලා සිටිනවා"


Previous Post Next Post