ප්‍රධාන පෙළේ රෝහල්වල ප්‍රබල ප්‍රතිජීවක ඖෂධ, රසායනාගාර පරීක්ෂණ සිදුකිරීමට අවශ්‍ය කරන ප්‍රතික්‍රියක, විකිරණ තාක්ෂණ පරීක්ෂණ, සිදුකිරීමට අවශ්‍ය කරන පහසුකම් නොමැති වීම නිසා රෝගීන් දැඩි ලෙස පීඩාවට පත්වන බව වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානයේ සභාපති විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා සඳහන් කරයි.
Cefotaxime, Cefexime, Amikacin, යන ප්‍රබල ප්‍රති ජීවක ඖෂධ Isoprenaline, ස්වසනය පහසු කිරීම සඳහා භාවිතා කරන නෙබුයුලයිස් කිරීමට උපයොගී කරගන්නා Salbutamol Respiratory solutions, වමනය රෝගීන්ට ලබා දෙන IV Metachlorpropamide එන්නත ඇතුළු ඖෂධ රැසක හිඟය පවතින බවත් මෙම ඖෂධ ප්‍රාදේශීය වශයෙන් මිලදී ගැනීම සඳහා විශාල මුදලක් වියදම් කිරීමට රෝහල්වලට සිදුව ඇති බවත් ඔහු පෙන්වා දෙයි.
එසේම රුධිර සීනි පරීක්ෂණ සිදු කිරීම සඳහා රෝහල් වාට්වල භාවිතා කරන Blood Glucose strips පටි නොමැති වීම නිසා සරල සීනි පරීක්ෂණය සිදු කර ගැනීමේ දුෂ්කරතා මතුව ඇති බවත් මේ නිසා දියවැඩියා රෝගීන්ට වෛද්‍ය ප්‍රතිකාර කිරීමේදී සෞඛ්‍ය කාර්යමණ්ඩල දැඩි ලෙස අපහසුතාවයට පත්වන බවද පවසයි.
කොළඹ ජාතික රෝහල ඇතුළු රෝහල් රැසක ප්‍රධාන පෙළේ රසායනාගාර පරීක්ෂණ සිදු කිරීමට අවශ්‍ය කරන ප්‍රතික්‍රියකවල පවතින හිඟය නිසා බොහෝ රසායනාකාර පරීක්ෂණ රෝගීන්ට අධික මුදලක් ගෙවා බාහිරින් සිදු කර ගැනීමට සිදුව ඇති බවත් රෝහල්වලට රසායනාගාර පරීක්ෂණ සඳහා භාවිතා කරන රසායන ද්‍රව්‍ය අඩුමුදලට මිලදී ගැනීමට අවශ්‍ය කරන කටයුතු යොදනවා වෙනුවට මේ අන්දමට රෝගීන් බාහිර රසායනාකාරවලට යොමු කිරීම යම් සංවිධානාත්මක ජාවාරම් ක්‍රියාවලියක්දැයි විමර්ශන කළ යුතු බවද ඔහු පවසයි.
ප්‍රධාන පෙළේ රෝහල් රැසක CT,MRI scan, angiogram පරීක්ෂණ සිදු කිරීම සඳහා දිගු පෝලිම් පවතින අතර කොළඹ ජාතික රෝහලේ මෙම තත්ත්වය කැපී පෙන්න බවද වෛද්‍යවරයා වැඩිදුරටත් පෙන්වා දෙයි.
ගතවු වසරක පමණ කාලසීමාවේදී සෞඛ්‍ය පද්ධතියේ ප්‍රධාන ප්‍රශ්න රැසක් විසඳීමට වර්තමාන සෞඛ්‍ය පරිපාලනය අසමත් වූ අතර සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහා පසුගිය අයවැයෙන් වෙන් කරන ලද මුදල් ප්‍රතිපාදනවලින් සියයට හැත්තෑවකට ආසන්න ප්‍රමාණයක් භාවිතා නොවීමද ගැනද ජනාධිපතිවරයාගේ අවධානය යොමු යුතු බව ඔහු සඳහන් කරයි.
සෞඛ්‍ය අමාත්‍යාංශය දූෂණ වංචා ක්‍රමිතා සම්බන්ධ විගණකාධිපතිවරයා දිගින් දිගටම පෙන්වා දෙන තත්ත්වය වර්තමාන සෞඛ්‍ය ලේකම්වරයා නොසලකා කටයුතු කිරීම ගැනද ජනාධිපතිවරයාගේ විශේෂ අවධානය වැඩිදුරටත් යොමුවිය යුතු බව විශේෂඥ වෛද්‍ය චමල් සංජීව පවසයි.
