80 සැමරූ මහින්ද නුගේගොඩ රැලියට..


ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්‍රමුඛ විපක්ෂ දේශපාලන පක්ෂ විසින් සංවිධානය කරනු ලබන නුගේගොඩ විරෝධතා රැලියට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සහභාගී වීමට නියමිතය. 

මෙම රැලිය නොවැම්බර් මස 21 වැනිදා පැවැත්වීමට සැලසුම් කර ඇත.

සිය උපන්දිනය නිමිත්තෙන් ආශිර්වාද ලබා ගැනීම සඳහා මහනුවර ශ්‍රී දළදා මාලිගාව වෙත ගිය අවස්ථාවේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් රාජපක්ෂ මහතා මෙම රජයට එරෙහිව සංවිධානය කරනු ලබන විරෝධතා රැලියට තමන් සහභාගී වීමට අපේක්ෂා කරන බව තහවුරු කළේය.

මහින්ද රාජපක්‍ෂ මහතා නොවැම්බර 18 වැනි දින සිය 80 වැනි උපන් දිනය සමරනු ලැබීය.

1 Comments

  1. RAJAPAKSHA MATHIDUNI OBATA SUBA UPAN DINAK WEWA

    ReplyDelete
Previous Post Next Post