ලොරි රථයක් ප්‍රපාතයකට පෙරලේ...

 


හැටන් නගරයේ සිට අවමංගල්‍ය උත්සවයකට භාණ්ඩ රැගෙන ගිය ලොරි රථයක් මාර්ගය ලිස්සා ගොස් අඩි 100ක් පමණ ප්‍රපාතයෙන් වූ තේ වත්තට සිදු වූ අනතුරකින් එම ලොරි රථයේ රියදුරා බරපතල ලෙස තුවාල ලබා දික්ඔය මූලික රෝහල වෙත ඇතුලත් කල හැටන් පොලිසියේ රථවාහන අංශයේ නිළධාරියෙකු පැවසීය.

මෙම අනතුර සිදු වී ඇත්තේ හැටන් කෝවිල් වීදියේ මාර්ගයේදීය.

හැටන් ආරියගම ප්‍රදේශයේ පැවති අවමංගල්‍ය උත්සවයකට භාණ්ඩ රැගෙන ගොස් ආපසු ලොරි රථය හැටන් නගරය දක්වා ධාවනය කරවන අවස්ථාවේ පැවති වර්ෂාවත් සමග ලොරි රථය ලිස්සා ගොස් තේ වත්තට පෙරලුනු බවත්, ලොරි රථය අනතුරට පත් වන අවස්ථාවේ ලොරි රථය තුල රියදුරා පමණක් සිට ඇති බවයි අනතුර පිලිබද පරික්ෂන පවත්වන හැටන් පොලිසියේ රථවාහන අංශයේ නිළධාරින් කියා සිටියේ.

පවතින වර්ෂාවත් සමග හැටන් නුවරඑලිය හැටන් නුවර ප්‍රධාන මාර්ග සහ අතුරු මාර්ග ලිස්සන සුලු බැවින් එම මාර්ගවල රථවාහන ධාවනය කිරිමෙදි සැළකිලිමත් ලෙස රිය ධාවනය කරවන ලෙස හැටන් පොලිසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටියි.

අතුරින් ලොරි රථයටද දැඩි අලාභ හානි සිදු වී ඇත.

රංජිත් රාජපක්ෂ               

Previous Post Next Post