මහජන හඩ ජාතික බලමුළුව විසින් පැවැත්වූ මාධ්‍ය හමුවට එක්වෙමින් පිවිතුරු හෙළ උරුමය නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා මෙසේ අදහස් පල කලේය.
නුගේගොඩ නොවැම්බර් 21 වෙනිදා ඉතිහාසයේ හැරවුම් ලක්ෂයක් බවට පත් කිරිමට අපට හැකි වුනා ආණ්ඩුවේ බලාපොරොත්තු සුන් කරමින් නුගේගොඩ මහා හිස් ගොඩක් බවට ඒදා පත් වුනා. අපේ වගකමක් යුතුකමක් වෙනවා
අපට ඒ සහය දැක්වු සෑම සියලුදෙනාටම අපේ ප්‍රනාමය පුද කරන්න. ඒ අනුව මුලින්ම මහ වැසි මැද ආණ්ඩුවේ අනේක විධ බාධක අපහාස මැද දුන් පොරොන්දු ඉටු කරනු කියලා ආණ්ඩුවට බල කරන්න නොවැම්බර් 21 දා නුගේගොඩට පැමිණි මහා ජන ගංගාවට මහජන හඬ වෙනුවෙන් ප්‍රණාමය පුද කරනවා.
මේ රැළිය නිවේදනය කරපු දවසේ සිට රැළිය සංවිධානය කරන අයට මෙන්ම රැළියට සහභාගි වන අයටත් අපහාස කරමින් ජනතාවට රැළියට සහභාගි වෙන්න ඡවය සපයපු ජනාධිපතිතුමා ඇතුළු මාලිමා නායකයින්ට විශේෂයෙන් පිං පමුණුවන්න ඕනි. ඇත්තෙනිම ජනාධිපතිතුමා තමන්ගේ යුතුකම නොපිරිහෙලා ඉටු කරමින් අපි මේ ස්ථානයේ මෙම රැස්වීම නිවේදනය කරපු මොහොතේ සිට රැස්වීම පවත්වන්න කලින් දවස දක්වාම 21 නුගේගොඩ 21 නුගේගොඩ කියන එක මන්ත්‍රයක් වගේ ජප කරමින් අපිටත් වඩා කැපවීමෙන් මේ රැස්විමට ප්‍රචාරය ලබා දීමට කටයුතු කලා ඒක අපි ඉතාම කෘතගුණපුර්ණව සිහිපත් කරනවා.
ජනමාධ්‍ය සහ සමාජ මාධ්‍ය ක්‍රියාකාරින් අපට ලබා දුන් දැවැන්ත සහය නොතිබුණා නම් අපට කිසිසේත්ම මේ රැළිය සාර්ථක කර ගන්න පුළුවන් වන්නේ නෑ. සියලුම ජනමාධ්‍ය සමාජමාධ්‍ය ක්‍රියාකරුවන්ට අපේප්‍රණාමය පුද කරන්න මේක අවස්ථාවක් කර ගන්නවා.
එකිනෙකට වෙනස් මතවාද දරණ ඉතිහාසය පුරා දෙකට බෙදී සිටි බලවේග දෙකක් එකට වැඩ කිරීම පහසු කටයුත්තක් නොවේ. අපි මාස 7ක් සාමුහිකව වැඩ කරලා ඓතිහාසික රැළියක් කරන්න පුළුවන් වුණේ සෑම පක්ෂයකම නායකයින් ප්‍රදර්ශනය කරපු ඉවසීම අධිෂ්ඨානය සහ අන්‍යෝන්‍ය අවබෝධය නිසා. සෑම සහෝදර පක්ෂයකම නායකයින්ට මධ්‍යම කාරකසභා. කෘත්‍යාධිකරණ මණ්ඩල ඇතුලු මහජන හඬ විධායක කමිටුව වෙනුවෙන් ප්‍රණාමය පුද කරනවා.
විදුලිය කපලා ස්පීකර් ගලවලා ආණ්ඩුවට තිබෙන ජනතා විරෝධය පාලනය කරන්න පුළුවන් කියා ආණ්ඩුව හිතනවා නම් අනුර ජනපතිතුමනි ඔබට හොදටම වැරදිලා. අපි 21 වෙනිදා නුගේගොඩින් ඇති කල විරෝධයේ ගිනි සිසිල මහා ගිනි ජාලාවක් බවට පත් වෙලා මේ මව්බිමේ සතුරන් රාජ්‍ය පාලනයෙන් පලායනතුරුම රට පුරා සිසිරා යනවා කියන විශ්වාසය අපට අද ඇති වෙලා තියෙනවා.
ඒ වගේම මේ අය විවිධ උපක්‍රම පාවිච්චි කලා. හිට්ලර්ගේ ගෙස්ටාපෝ පොලිසිය වගේ අද තියෙන මාලිමා පොලිසිය හිතුවා මේ අපේ නායකයන් පොලිසිය පාවිච්චි කරලා බය කරලා මේ රැස්වීමට සහභාගිවෙන එක නතර කරන්න පුලුවන් කියලා. රැස්වීමට කලින් දවසේ දුමින්ද දිසානායක හිටපු ඇමතිතුමාට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මුලස්ථානයට ලිපියක් එවනවා. මේ
නොවැම්බර් 24 සීඅයිඩී පරීක්ෂණයකට පොලිසියට එන්න කියලා. ඒ ඇයි ගෙදර ලිපිනයට යවන්නේ නැතුව පක්ෂ කාර්යාලයට යවන්නේ මොකද එතුමා කලින් අපේ මාධ්‍ය හමුව වාඩි වෙලා වෙලා මේ කාරණය සම්බන්ධයෙන් පෙනී සිටියා. නුගේගොඩ වැඩේට එකතු වුනෝත් වැඩේ ලෙඩේ වෙනවාය කියලා අන් අයටත් පනිවිඩයක් දෙන්න තමයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මුලස්ථානයට ලිපිය එවන්නේ ගෙදර ලිපිනයට ලිපිය යවන්නේ නැතුව. හැබැයි ඒ වගේ ගෙස්ටාපෝ පොලිසියට බය වෙන අය අපේ අතර නෑ.ඔබ දැක්කා දුමින්ද දිසානායක ඇමතිතුමා රැලියට ඇවිත් රැලියට කලින් විශාල කාර්යභාරයක් ඉටු කලා සාර්ථක කර ගන්න. රැලියට ඇවිල්ලා ඉස්සරහා පෙළියෙන් වාඩිවෙලා හිටියා මේ මොහොතේ එතුමා සීඅයිඩීයේ ඉන්නවා. මොකක්ද එතුමාට තියෙන චෝදනාව වරාය භාර නියෝජ්‍ය ඇමතිවරයා ලෙස ලැබුණු නිළ ආයුදය නැවත බාර දෙන්න යම් ප්‍රමාදයක් සිදු වුනා කියලා. මෙවෙනි දෙවල්වලට මහජන මුදල් නාස්ති කරමින් විමර්ශනය කිරීමේ එකම අරමුණ විපක්ෂය බිය වැද්දීම මෙවෙනි ගොන්පාඩ්වලින් විපක්ෂය බිය වැද්දිය හැකියැයි ආණ්ඩුවේ නායකයින්ගේ ඔලුවේ තියෙන මොඩ විශ්වාසය පමණමයි. මේ වනවිටත් දුමින්ද දිසානායක මැතිතුමා ඒක පුස්සක් කියන එක ඔප්පු කරලා හමාරයි.
මාලිමා නායකයින් අමු පච කෙලිමින් රට වටේ යන විට ජනතාව ඒවාට ගිහින් අත්පුඩි තලන කොට ඒ රැස්වීම් වලට තණකොල පුන්නක්කු දෙන්න කවුරුවත් ඉදිරිපත් වුණේ නෑ. ඒ අපේ ප්‍රජාතන්ත්‍රවාදය. නගර පුරා තණකොල මිටි වපුරමින් ආණ්ඩුව ඒ නටපු පිස්සුවට කියන්නේ සිස්ටම් චේන්ජ් කියලා ද ක්ලීන් ශ්‍රී ලංකා කියලා ද කියලා අපට කියලා දෙන්න.
බෙලි කපලා ලයිට් කනුවේ එල්ලපු අය ඒ වෙනුවට තණකොල කපා ලයිට් කනුවේ එල්ලීම ඒ අයගේ පැත්තෙන් සිස්ටම් චේන්ජ් වෙන්නත් පුලුවන්. උසස් පෙල විභාගය පැවැත්වෙන අතරේ නුගේගොඩ රැස්වීම සංවිධානය කලා කියලා අපට මාලිමාව දොස් කිව්වා. අපේ රැස්වීම තිබුණේ එක දවසක සවස් වරුවක විතරයි. නමුත් පුංචි ඡන්දය පැවැත්වූයේ සාමාන්‍ය පෙල විභාගය වගේම පහේ ශිෂ්‍යත්ව විභාගයත් පැවැත්වුණු අවස්ථාවේ. මීට වඩා විශාල ශිෂ්‍ය සංඛ්‍යාවක් සාමාන්‍ය පෙලට පෙනී සිටියා. සෑම විභාග දිනකම උදේ සිට සවස් වන තුරුම රැස්වීම් පැවැත්වුණා. ඒක කාටවත් ප්‍රශ්නයක් වුණේ නෑ.
ඔවා දෙනු පරහට තමා ආදර්ශයේ පිහිටා සිට අපි ආණ්ඩුවට කියනවා. අපට එල්ල කළ ඊ ලඟ චෝදනාව තමයි සල්ලි දීලා ගෙනාවා. බොන්න දීලා ගෙනාවා. එහෙම සෙනග ගේන්න පුළුවන් නම් ජනපතිවරණයේ දී පාර්ලිමේන්තු මැතිවරණයේ දී පුංචි ඡන්දයේ දී මැයි දිනයේ දී අපට මේ වගේම සෙනගක් රැස්වීම් වලට ගේන්න පුළුවන් වෙන්න එපායැ. තිත්ත ඇත්ත නම්
මාලිමාවට ඡන්දය දුන් අය දැන් ඉන්නේ කේන්තියෙන්. ඒ කේන්තිය පිට කර ගන්න තමයි 21 දා නුගේගොඩ ආවේ.
අපට සෙනග ගේන්න ජාවාරම්කාරයින් උදව් කලා කියලා ආණ්ඩුව කියනවා. ඔව්. ජාවාරම්කරුවන් හතරදෙනෙක් උදව් කලා. ආණ්ඩුවේ බොරුව, ආණ්ඩුවේ නොහැකියාව, ආණ්ඩුවේ දූෂණය, ආණ්ඩුවේ භීෂණය. ඔය හතර දෙනා ආණ්ඩුවෙන් එලෙව්වොත් අපට සෙනග නැත්තටම නැති වෙන්නත් පුළුවන්. ජනවාරි මාසයේ මීලඟ රැස්වීම පැවැත්වීමට යෝජනා වෙලා තිබෙනවා. මහජන හඬ විධායක සභාව තැන කොතැන ද දිනය කවදාද කියලා තීරණය කරාවි.
ආණ්ඩුවේ අවසානයේ ආරම්භය සනිටුහන් කළ නුගේගොඩ රැළිය මග හැරුණු සමගි ජන බලවේගය ඇතුළු විපක්ෂයේ සියළුම බලවේග වලට ආණ්ඩුවේ බොරුවට නොහැකියාවට දූෂණයට භීෂණයට එරෙහි වෙන්න ඊ ලඟ රැළියේ වේදිකාවට ගොඩ වෙන්න කියලා සහෝදරාත්මකව ආරාධනා කරනවා.
ඒ වගේම මේ විපක්ෂයේ අපි ගොඩනගා ගෙන යන සමගිය තවදුරටත් පුලුල් කරලා මේ ආණ්ඩුවෙන් මේ රටත් ජනතාවත් ගලවා ගන්නා තුරුම අධිෂ්ඨානයෙන් සමගියෙන් ඉදිරියට යන්න තීරණය කරලා තියෙනවා කියන එකත් අපි එකතු වුනේ බොහෝ වේලාවට පලමු රැලියට වගේ දේකට වුනත් මේ වන විට ජනතාව අපි ගැන තබා තියෙන කන්දකට වඩා උස ඒ මහා
බලාපොරොත්තු දැක්කාම අපි තීරණය කරලා තියෙනවා අපි සමුහිකව කටයුතු කරමින් මේ ආණ්ඩුව ගෙදර යනතුරුම අපේ මේ සටන ඉදිරියට ගෙනි යනවා කියලා.
