ඉංදියන් ද්‍රවිඩ ජනගහනය විශාල ලෙස අඩුවේ...

 


පසු ගිය වර්ෂයේ සිදු කරන ලද ජන හා සංඛාලේකන සංගනනයේදි ඉංදියන් ද්‍රවිඩ නැතහොත් මලයගම් ද්‍රවිඩ ජනගහනය විශාල ලෙස අඩුවි ඇති බව පේරාදේණිය විශ්ව විද්‍යාලයේ දේශපාන විද්‍යාව පිලිබදව ජේශ්ඨ කථිකාචාර්ය රමේෂ් රාමසාමි මහතා පවසයි.

හැටන් සි. එස්. සි. ආයතනයේදි පැවති හමුවකදි මේ බව පැවසු රමේෂ් රාමසාමි මහතා එහිදි වැඩි දුරටත් මෙසේද පවසන ලදි.

වර්ෂ 2024දි ජන හා සජඛාලේකන දෙපාර්ථමේන්තුව විසින් ජන සංගනනයක් පැවැත්තුවා එම සංගනන වාර්ථාව දෙස බලන විට ඉංදියන් ද්‍රවිඩ නැතහොත් මලයගම් ද්‍රවිඩ ජනගහානය විශාල ලෙස අඩු වෙලා තියෙනවා.

වර්ෂ 2012දි නිකුත් කරපු වාර්ථා හා 2024 වර්ෂයේ නිකුත් කරපු වාර්ථා සංසන්දනය කර බලන විට මෙම වසර 12තුලදි ඉංදියන් ද්‍රවිඩ ජනගහනය ලක්ෂ තුනහමාරකින් පමන අඩුවෙලා තියෙන බව පෙනෙනවා මෙම තත්වයන් පිලිබදව සකච්චා කරන විට මෙම සංගගනයේ හුගක් අඩු පාඩු වැරදි තියෙන බවත් පෙනෙනවා.

මෙම සංගනනයේදි වත්තේ ඇතුලේ ජිවත් වන හුගක් අය ඇතුල් කරලා නැහැ එමෙන්ම ලක්ෂයක් පමන ගම්පහා කෙළෙඹ වැනි ප්‍රදේශවල ජිවත් වනවා එම පිරිසත් මෙයට ඇතුල් වෙලා නැහැ එමෙන්ම වත්තෙන් පිට ඉන්න මෙන්ම වත්ත ඇතුලේ ජිවත් වන අය පිලිබදව සංගනනයට නිලධාරින් යන විට එම නිවාස වසා තිබිම මත එම අය ඇතුලත් වෙලාත් නැහැ.

ඉංදියන් ද්‍රවිඩ නැතිනම් මලයම් ද්‍රවිඩ අය අඩු වුනත් ශ්‍රිලාංකිය ද්‍රවිඩ පිරිස් වැඩි වෙලා තියෙනවා ඒ කොහොමද වැඩි වුනේ වීශේෂයෙන් නුවරඑළිය, බදුල්ල, මහනුවර, රත්නපුර, කැගල්ල, යන දිස්ත්‍රික්කවල ශ්‍රිලාංකික ද්‍රවිඩ අය වැඩිවුනේ කොහොමද එය වෙලා තියෙන්නේ සංගනනයට එක්වුන සමහර අය ඔවුන්ගේ ඕන කමට ඉංදිය ද්‍රවිඩ අයත් ශ්‍රිලාංකික ද්‍රවිඩ කියලා සටහන් කරලා තියෙනවා එම නිවසියන්ගෙන් ඉංදිය ද්‍රවිඩද ශ්‍රිලාංකිය ද්‍රවිඩද කියලා අහන්නේ නැතිව.

අපි කරන වැඩ සටහන්වලදි තවත් දෙයක් හෙලිවුනා හැටන් ෂැනන් වත්තේ එක ඩිවිසන් එකක පවුල් 115ක් සම්පුර්නයෙන්ම අයින් කරලා ඒ ගෙවල්වලට ගිහිල්ලත් නැහැ ලාංජන අලවලත් නැහැ එම තත්වයන් මත අපි උපකල්පනය කරනවා මෙවැනි ක්‍රියාවන් අනිකුත් වතුවලත්  සිදු වෙලා ඇති කියලා.

මනුර සුදත් සෙල්ලහේවා

Previous Post Next Post