මඩකලපුව ප්‍රදේශයේ පුරාවිද්‍යා නාම පුවරු ගලවා ඉවත් කිරීම සම්බන්ධයෙන් අධිකරණයට කරුණු ඉදිරිපත් කරන බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා සඳහන් කරයි.
අදාළ නාමපුරු ගලවා ඉවත් කිරීමට කටයුතු කළ පුද්ගලයන් හඳුනාගෙන ඇති බවද ඔහු පැවසීය.
වාලච්ඡේන පොලිස් වසමේ සවි කර තිබූ පුරාවිද්‍යා නාමපුරු හයක් මෙලෙස ගලවා ඉවත් කර ඇති බවත් පැවසූ ඔහු ඒ සඳහා එම ප්‍රාදේශීය සභාවේ සභාපති සහ උප ලේකම්වරයාද පැමිණ සිටි බවත් පාර්ලිමේන්තුව අමතමින් පැවසීය.
ඒ අනුව මෙම සැකකරුවන් සහ ගලවා දැමූ නාම පුවරු අත්අඩංගුවට ගෙන අධිකරණයට හමුවට ඉදිරිපත් කිරීමට පොලිස්පතිවරයා උපදෙස් ලබාදී ඇති බවද හෙතෙම තවදුරටත් කියා සිටියේය.
