විපක්‍ෂයේ නුගේගොඩ රැලියට ආ මවුලවිට මරණ තර්ජන..

 


නුගේගොඩ දී පැවැති විපක්ෂයේ ජන රැලියට පැමිණි ඉස්ලාම් ආගමික නායකයෙකුට මරණ තර්ජන කර ඇති බව නව ජනතා පෙරමුණේ නායක සුගීශ්වර බණ්ඩාර මහතා පවසයි.

කොළඹ පැවති මාධ්‍ය හමුවකදී ඔහු කියා සිටියේ එම ඉස්ලාම් ආගමික නායකයාගේ බිරිඳට හා දරුවන්ටද තර්ජනය කරමින් ඇති බවයි. 

මේ පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කරන බවද හෙතෙම  කියා  සිටියේය.

'මහා සංඝරත්නයට ගරු කරන්න පුළුවන්  පන්සලේ අවහ්‍යතාවන් බලන්න පුළුවන් බෞද්ධ සංස්කෘතියට ගරු කරන්න පුළුවන් අමාත්‍යවරයෙක් පත් කරන්න කියලා අපි ආණ්ඩුවට ප්‍රකාශ කර සිටිනවා. 

එදා 21 නුගේගොඩ රැස්වීමට වැඩම කරපු කිසිම නායකයෙක් දේශපාලන කතා පැවැත්වුයේ නෑ. එදා වැඩම කරපු ඉස්ලාම් ආගමික නායකතුමා තමයි නිබ්රාස් මුහම්මදු මවුලවිතුමා.  එතුමා ගෙදර යනවිට එතුමාට මර්ණ තර්ජන කරනවා. එතුමාගේ බිරිදට දරුවන්ට තරුජන කරනවා. 

අද එතුමන් ඒ සම්බන්දව අපරාද පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කරන්න සුදානම්. ආගමික නායකයින් ඉලක්ක කරගෙන ඉතා කැත විදිහට සලකනවා. කාලිංඝ මාඝට හා පාපිසි 159 අපි කියනවා පිස්සෝ කලබල වුනාට දොස්තරලා කලබල වෙන්නේ නෑ. 

අපේ සටන අපි ඉදිරියට කර ගෙන යනවා. අපිට කෙදිරි ගාන්න එපා කිව්වට එදා රැස්වීමෙන් පසු ආණ්ඩුවට ඇඩිලා තියෙන බව අපිට කියන්න පුළුවන්'



Previous Post Next Post