මාලිමාවේ කිසිවෙක් කුඩු ජාවාරම් කර නෑ.. නාමල්ලාගේ සබදතා පද්මෙලාගෙන් හෙලි වෙමින් ඉන්නේ..


 පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්‍ෂ මහතා විසින් යොමු කරන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් මහජන ආරක්‍ෂක ඇමති ආනන්ද විජේපාල මහතා පාර්ලිමේන්තුවේදී පැවසුයේ මන්ත්‍රීවරයාගේ පාතාල සම්බන්ධතා සහ මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් විමර්ශන සිදු කරන බවයි.

පාතාලය සහ මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධයෙන් නීතිය සාධාරණව ක්‍රියාවට නංවා ඇති බවත් එසේම, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාගේ පාතාල සම්බන්ධතා මේ වන විට "ඉන්දුනීසියාවෙන් ගෙනාපු අය හරහා එළිවෙලා තියෙනවා". එම නිසා, මේ පිළිබඳව දැනටමත් විමර්ශනයක් කරමින් ඉන්නවා බවත් ඇමතිවරයා පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය.

ඇමතිවරයා කියා සිටියේ, "ඔබතුමා සම්බන්ධයෙනුත් ඔබතුමාගේ තියෙන සබඳතා සම්බන්ධයෙන් දැනට විමර්ශනයක් අපි ඉදිරි කරන්නාම්" යනුවෙනි.

ඇමතිවරයා අවධාරණය කළේ, "මාලිමාවේ කවුරුවත් කුඩු දාවරම් කරලා නැහැ" යනුවෙනි.

එමෙන්ම, මාලිමාවට ඇඟිලි දික් කිරීමට කිසිවෙකුට හැකියාවක් නැති බවත්, මේ රටේ ජනතාව දන්නා පරිදි මාලිමාව වැඩ කරන්නේ මත්ද්‍රව්‍ය ජාවාරම්කාර කරුණු වෙනුවෙන් නොව, මේ රටේ ජනතාව වෙනුවෙන් බවත් ඔහු පැවසීය.

ඇමති ආනන්ද විජේපාල මහතා අවධාරණය කළේ, රජය විසින් මේ රටේ ජනතාවට දුන්නු පොරොන්දුව ඉෂ්ට කිරීමට කිසිසේත්ම පසුබට වන්නේ නැති බවයි. 

එමෙන්ම, ජාතිවාදයටත් ආගම්වාදයටත් ඉඩක් තියන්නේ නැහැ කියන එකත් ඔහු නැවත නැවතත් අවධාරණය කළේය



Previous Post Next Post