ආපදා මෙහෙයුමේ සිටි හෙලිකොප්ටරටයක් ආපදාවක.. රළු ගොඩබෑමක්.. නියමුවා මිය යයි..


වෙන්නප්පුව ලුණුවිල ප්‍රදේශයේදී හෙලිකොප්ටර යානයක් ආපදාවට ලක් වී තිබේ.

මෙසේ ආපදාවට ලක්වී ඇත්තේ ජලගැලීම්වලට මැදිව සිටි ජනතාව බේරා ගැනීමේ සහන කටයුතුවල නිරත වූ යානයකි. 

අනතුරින් හෙලිකොප්ටරයේ සිටි කිහිප දෙනෙකු තුවාල ලබා ඇති බව වාර්තා වේ.

වැඩිදුර පරීක්ෂණ සිදුවෙමින් පවතින අතර හදිසි කණ්ඩායම් එම ස්ථානයට යවා ඇත.

හෙලිකොප්ටරයෙන් ඉවතට ගත් සියලුම කාර්ය මණ්ඩල සාමාජිකයින් බේරාගෙන රෝහලට ඇතුළත් කර සිටී.

රෝහල්ගත කිරීමෙන් පසු හෙලිකොප්ටරයේ කපිතාන් වින්ග් කමාන්ඩර් නිර්මාල් සියඹලාපිටිය මහතා මිය ගොස් ඇත.

1 Comments

  1. මේ ගුවන් නියමුවා නැතිවෙච්ච වගකීම කාලකන්නි JVP යට තමයි බැර කරන්නෙ. තොපේ නොතේරුම් කමින් රටට වුන විනාශයට වන්දි ගෙව්වෙ රටට වටිනා ජීවිතයක්.

    ReplyDelete
Previous Post Next Post