ජාතික ජන බලවේගය විසින් පාලන බලය දරණ තවත් පළාත් පාලන ආයතන දෙකක ඉදිරි වර්ෂය සඳහා වූ අයවැය යෝජනාවලි පරාජයට පත් වී ඇත.
ඒ පදියතලාව ප්‍රාදේශීය සභාවේ අයවැය සහ ඌව පරණගම ප්‍රාදේශීය සභාවේ අයවැයයි.
පදියතලාව සභාවේ අයවැයට පක්ෂව ඡන්ද අටක් සහ විපක්ෂව ඡන්ද දොළහක් ලැබී තිබිණ.
ඌව පරණගම අයවැය යෝජනාවලියට පක්ෂව ඡන්ද විස්සක් හා විපක්ෂව ඡන්ද විසි එකක් ලැබී තිබින.
