2026 වසර සදහා වූ අයවැය දෙවන වර කියවීමේ ඡන්ද විමසීම වැඩි ඡන්දයෙන් අද පාර්ලිමේන්තුවේදී සම්මත විය.
අයවැය ට පක්ෂව ඡන්ද 160ක් සහ විරුද්ධව ඡන්ද 42ක් හිමිවිය.
මන්ත‍්‍රීවරුන් 8 දෙනෙකු ඡන්දය ලබාදීමෙන් වැළකී සිටියේය.
ඒ අනුව වැඩි ඡන්ද 118කින් අයවැය දෙවන වර කියවීම සම්මත විය.
මනෝ ගනේෂන්, රාධා ක්‍රිෂ්ණන්, පලනි දිගම්බරන්, ජීවන් තොණ්ඩමන් යන විපක්‍ෂ මන්ත්‍රීවරුන්ද අයවැයට පක්ෂව ඡන්දය ප්‍රකාශ කලහ.
