කොළඹ මහ නගර සභාව ඇතුළු සියලුම පළාත් පාලන ආයතන පාහේ වීදි ලාම්පු සඳහා විදුලි ගාස්තු ගෙවීම පැහැර හැර ඇතැයි විදුලිබල හා බල ශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතා සඳහන් කරයි.
මහජන උපයෝගතා කොමිෂන් සභාව විසින් වීදි ලාම්පු සඳහා විශේෂ ගාස්තු අනුපාතයක් අනුමත කර ඇති බවද ඒ මහතා පැවසීය.
අද පාර්ලිමේන්තුවේදී වාචික ප්‍රශ්න අපේක්ෂාවෙන් යොමු කරන ලද පැනයකට ප්‍රතිචාර දක්වමින් ඔහු මෙම අදහස් පළ කළේය.
