මන්ත්‍රීවරුන්ගේ වාහන බලපත්‍ර දී ඔවුනගේ මුදලින් වාහනයක් ආනයනය කර ගැනීමට අවස්ථාව දෙනු වෙනුවට රජය විසින් එම කාර්යය පවරා ගැනීම හරහා රජයට විශාල මුල්‍යමය අවාසියක් සිදුවන බව හිටපු ඇමති දුමින්ද දිසානායක මහතා පවසයි.
ඔහු පෙන්වා දෙන්නේ මන්ත්‍රීවරයකු සිය පුද්ගලික මුදලින් තීරු බදු සහන සහිතව වාහනයක් ආනයනය කිරීමේදී රජයට අහිමිවන්නේ රජයේ බදු මුදල පමණක් බවය.
නමුත් රජය විසින් වාහන ආනයනය රජයේ අනෙක් සියළු වාහනවලට දරන වියදම හා සමාන වියදමක් එම වාහන සදහා දැරිය යුතු බවද ඔහු පෙන්වා දෙයි.
වසර පහක් අවසානයේ වාහනය වෙනුවෙන් මූලික වියදමත්, නඩත්ත වියදමත්, ඉන්ධනත් ලබා දුන් පසු රජයට සිදු වන්නේ අලාභයක් බව හෙතෙම පෙන්වා දෙයි.
මන්ත්‍රීවරයකු පුද්ගලිකව වාහනයක් ආනයනය කළහොත් ඔහුට රජයෙන් ලබා දෙන රියදුරු සහ ඉන්ධන දීමනාව හැරුණු කොට වාහනය නඩත්තු කටයුතු තමන් විසින් පෞද්ගලිකව දැරිය යුතු බවද ඔහු පවසයි.
එමෙන්ම බලබත‍්‍රයක් යටත් මන්ත‍්‍රිවරයෙකු වාහන ආනයනයේදී රජයට කිසිදු මුදලක් වැය නොවන අතර මන්ත්‍රීවරයා පුද්ගලිකව එම මුදල සොයා සපයා ගත යුතු බවද ඒ මහතා කියා සිටී.
