ජනපතිට සෙත් පතා පූජා..

 


වතු කම්කරුවන්ගේ වැටුප රු.1750 දක්වා වැඩි කිරිමට ජනාධිපතිවරයා සහ රජය කටයුතු කිරිම සම්බන්ධයෙන් තලවකැලේ ආගරපතන ප්‍රදේශයේ වතු කම්කරුවන් (09) දින කිරිබත් පිලියෙළ කර අනුභව කර ජනාධිපතිවරයා සහ රජයට ආශිර්වාද පූජා පවත්වා දෛනික වැඩකටයුතු වල නිරත විය.

එම ජනතාව කියා සිටියේ ඉතිහාසයේ පළමු වතාවට උද්ගෝෂණ සහ වැඩ වර්ජන නොකරමින් සිටියදි වතුකරයේ ජනතාවගේ දුක හදුනාගෙන එම ජනතාවගේ වැටුප් වැඩි කිරිමට ජනාධිපතිවරයා පියවර ගත් බවයි.

2028 වසරෙන් පසුවත් මේ රටේ ජනාධිපතිවරයා වශයෙන් අනුර කුමාර දිසානායක මහතාත් වත්මන් රජයත් පත් කිරිමට වතුකරයේ ජනතාවගේ පුර්ණ සහයොගය ලබා දෙන බවයි එම ජනතාව කියා සිටියේ.

රංජිත් රාජපක්ෂ                

Previous Post Next Post