සමගි ජන බලවේගය නියෝජනය කළ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරියකට පහරදීමේ චෝදනාවක් සම්බන්ධයෙන් චීන ජාතිකයෙකු මාලඹේ පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.
පහරකෑමට ලක්වූ හිටපු මන්ත්‍රීවරිය තමන්ට ප්‍රතිකාර ලබාගැනීම සඳහා රෝහල්ගත වීමට අවශ්‍ය බව ප්‍රකාශ කිරීම හේතුවෙන්, පොලිසිය විසින් අධිකරණ වෛද්‍ය පෝරම නිකුත් කරමින් ඇයව රෝහල්ගත කිරීමට කටයුතු යොදා ඇත
පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ අදාළ චීන ජාතිකයා විවාහ වී සිටින ශ්‍රී ලාංකික කාන්තාවගේ සහෝදරයා හමුවීම සඳහා ඔහු හිටපු මන්ත්‍රීවරියගේ නිවස වෙත පැමිණ ඇති බවයි.
සැකකරුගේ මස්සිනා වන එම පුද්ගලයා හිටපු මන්ත්‍රීවරියගේ සමීපතම හිතවතෙකු වන අතර, ඔහු කාලයක පටන් ඇයගේ නිවසේ නවාතැන් ගෙන සිටින බවද වාර්තා වේ.
නිවස තුළදී හිටපු මන්ත්‍රීවරිය සහ මෙම චීන ජාතිකයා අතර ඇතිවූ උණුසුම් කතාබහක් දුරදිග යාමෙන් අනතුරුව මෙම පහරදීම සිදුව ඇති බව මූලික පරීක්ෂණවලදී හෙළිව ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් හිටපු මන්ත්‍රීවරිය විසින් කරන ලද පැමිණිල්ලකට අනුව වහාම ක්‍රියාත්මක වූ මාලඹේ පොලිසිය සැකකාර චීන ජාතිකයා අත්අඩංගුවට ගෙන තිබේ.
Chinese National Arrested for Assaulting Former Parliamentarian in Malabe
A Chinese national has been arrested by the Malabe Police in connection with an assault on a former parliamentarian representing the Samagi Jana Balawegaya. The incident reportedly occurred at the former lawmaker's residence.
The assaulted former parliamentarian has indicated that she requires hospitalization for treatment, prompting police to issue a court medical form to facilitate her admission to a medical facility.
Investigations revealed that the accused was visiting the home of the former member of parliament to meet with his Sri Lankan wife’s brother. This individual, identified as the suspect, has been staying at the former parliamentarian's residence for an extended period, reportedly as a close friend.
According to preliminary investigations, a heated discussion between the former parliamentarian and the Chinese national escalated into the assault.
In response to a complaint lodged by the former parliamentarian, the Malabe Police acted swiftly, apprehending the suspect shortly after the incident.
*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

භාග ප්රවෘත්ති
ReplyDelete