ත්‍රිකුණාමලය ශ්‍රී සම්බුද්ධ ජයන්ති විහාරයට අයත් භූමියක බුද්ධ ප්‍රතිමාවක් තැන්පත් කිරීමේදී ඇති වූ ගැටලුවට අදාළව, පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන්ට එරෙහිව නොතිසි නිකුත් කර ඇත.
අදාළ භික්ෂූන් වහන්සේට ලබන දෙසැම්බර් මස 10 වන දිනට ප්‍රථම අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසට මහේස්ත්‍රාත් එම්.එන්.එම් සන්සුදීන් මහතා විසින්නියෝග කර තිබේ.
මෙම සිදුවීම සම්බන්ධයෙන් ත්‍රිකුණාමල වරාය පොලිස් ස්ථානාධිපති, ප්‍රධාන පොලිස් පරීක්ෂක .ඩබ්.ජි.එස්.කේ.සමරසිංහ මහතා අධිකරණයට බී. වාර්තාවක් ඉදිරිපත් කරමින් කරුණු පැහැදිලි කළේය.
පසුගිය 16 වන දින ඇති වූ මෙම සිදුවීම හේතුවෙන් රෝහල් ගතව සිටි පූජ්‍ය කස්සප හිමියන්ගෙන්, වෛද්‍ය අනුමැතිය ලැබී තිබියදීත්, ප්‍රකාශයක් ලබාදීම ප්‍රතික්ෂේප කර ඇති බව ස්ථානාධිපතිවරයා අධිකරණයට දැනුම් දුන්නේය.
පොලිසිය වැඩිදුරටත් අවධාරණය කළේ, අපරාධ විමර්ශනයකට සහාය දීම පුරවැසියෙකුගේ යුතුකමක් බවත්, ප්‍රකාශ ලබාදීම ප්‍රතික්ෂේප කිරීම දඬුවම් ලැබිය හැකි වරදක් බවත්ය.
රටේ සංහිඳියාවට හානි පමුණුවිය හැකි මෙවන් සිදුවීමක් සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනයකට සහාය නොදක්වන බැවින්, අදාළ භික්ෂූන් වහන්සේ අධිකරණය හමුවට කැඳවීමට නියෝගයක් නිකුත් කරන ලෙස පොලීසිය විසින් එම බී. වාර්තාවෙන් ඉල්ලා තිබිණි.
